මෙහෙයුම් පුවත්

නීති විරෝධී ධීවර කටයුතු සිදුකල සැකකරුවන් 03 ක් කොළඹදී නාවික හමුදා භාරයට ‍

ශ්‍රී ලංකා නාවික හමුදාව, කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2025 ජනවාරි මස 25 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස ස්පියර් ගන් (Spear Gun) භාවිතා කර ධීවර කටයුතු සිදුකළ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

26 Jan 2025

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 03ක් මන්නාරම උතුරු මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, 2025 ජනවාරි මස 25 වැනි දින රාත්‍රී කාලයේ සහ අද අළුයම (2025 ජනවාරි 26) මන්නාරමට උතුරින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා තුනක් (03) සමඟ ඉන්දීය ධීවරයින් තිස් හතර දෙනෙකු (34) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

26 Jan 2025