මෙහෙයුම් පුවත්

හක් බෙල්ලන් 3,492 ක් සමඟ සැකකරුවෙක් තලෛමන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව හා එක්ව තලෛමන්නාරම පේසාලෙයි ප්‍රදේශයේදී 2025 ජනවාරි මස 27 වැනි දින සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීමට සූදානම් කල හක් බෙල්ලන් ගණනින් තුන්දහස් හාරසිය අනු දෙකක (3,492) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

28 Jan 2025

අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 13ක් නාවික හමුදා භාරයට ගනියි

2025 ජනවාරි මස 27 වැනි දින, යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරය යාත්‍රා විශාල ප්‍රමාණයක් උතුරු නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට ‍මුහුදු සීමාවෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක් එම විධානයට අයත් නාවික හමුදා යාත්‍රා යොදවා සිදු කෙරිණි. එහිදි නීතිවිරෝධී ධීවර කටයුතු මෙහෙයවමින් මත්ස්‍ය තොග රැස් කරමින් තවදුරටත් එම මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් රැඳී සිටි එක් (01) ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් දහතුන් දෙනෙකු (13) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණී.

28 Jan 2025