මෙහෙයුම් පුවත්

අයිස් මත්ද්‍රව්‍ය හා ව්‍යාජ දුම්වැටි සමඟ සැකකරුවන් 02ක් මැදවච්චියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, දූෂණ විරෝධී ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2025 පෙබරවාරි මස 08 වැනි දින මැදවච්චිය ප්‍රදේශයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, අලෙවි කිරීමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් තුනයි (03) මිලිග්‍රෑම් තුන්සිය හැත්තෑවක (370) පමණ ප්‍රමාණයක් සහ ව්‍යාජ දුම්වැටි හාරසියයක් (400) ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

09 Feb 2025

දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 02ක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 පෙබරවාරි මස 08 වැනි දින රාත්‍රී කාලයේ මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් දාහතර දෙනෙකු (14) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

09 Feb 2025