ශ්රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චිය මුද්දලම්පිඩ්ඩි මුහුදු ප්රදේශයේ සහ මුලතිව් නන්දිකඩාල් කළපු ප්රදේශයේ 2025 පෙබරවාරි මස 03 සිට 12 දක්වා කාලය තුලදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රාත්රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කුඩැල්ලන් ඇල්ලු සහ නීති වීරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් පස් දෙනෙකු (05) සමඟ ධීවර යාත්රා හතරක් (04) සහ නීති විරෝධී ධීවර දැල් දෙසීය පනහක (250) තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.