මෙහෙයුම් පුවත්
රුපියල් මිලියන 69 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය වත්තිරායන් වෙරළේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව යාපනය කිලිනොච්චි වත්තිරායන් වෙරළ ප්‍රදේශයේ 2025 මාර්තු මස 04 වැනි දින උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ තිබූ කේරළ ගංජා කිලෝ එකසිය හැත්තෑ හතරයි (174) ග්‍රෑම් එකසිය විසි හයක (126) පමණ තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
04 Mar 2025
විදේශීය දුම්වැටි 3000ක් සමඟ සැකකරුවෙක් කොළඹදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කොළඹ මධ්‍යම අපරාධ විමර්ෂණ කාර්යාංශය හා එක්ව 2025 මාර්තු මස 03 වැනි දින කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී විදේශීය දුම්වැටි තුන්දහසක (3000) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට අසුකර ගැනීමට කටයුතු කෙරිණි.
04 Mar 2025
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 426ක් සමඟ සැකකරුවන් 03ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කරුවලකුඩා සහ සින්නඅරිච්චායි මුහුදු ප්‍රදේශයේ 2025 මාර්තු මස 03 වැනි දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් හාරසීය විසි හයක (426) පමණ තොගයක් සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02), සහ සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
04 Mar 2025


