මෙහෙයුම් පුවත්
නීතී විරෝධී ලෙස රැගෙන ආ විදේශිය දුම්වැටි 160,000ක තොගයක් සහ ඖෂධ පෙති තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2025 මාර්තු මස 06 වැනි දින සන්ධ්‍යාවේ කල්පිටිය ඉප්පන්තිව් වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ අතහැර දමන ලද ඩිංගී යාත්‍රාවක තිබූ නිති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කරන ලද විදේශීය දුම්වැටි එක් ලක්ෂ හැටදහසක (160,000) තොගයක් සහ ඖෂධ පෙති විසි දෙදහස් එකසියයක (22,100) තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රාව (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
06 Mar 2025
පානම ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවටපත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව අඛණ්ඩව දායක වෙයි
අධික වර්ෂාපතනය හේතුවෙන් පානම ප්‍රදේශයෙහි ඇතිවී ඇති ගංවතුර තත්වය හමුවේ, පිඩාවටපත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව 2025 මාර්තු මස 03 වැනි දින, ආරම්භ කෙරුණු ආපදා සහන මෙහෙයුමට ආපදා කළමණාකරන මධ්‍යස්ථානය, යුද්ධ හමුදාව සහ පොලීසිය ඇතුළු පාර්ශවයන්ගේ දායකත්වයෙන් අඛණ්ඩව සිදු කරමින් සිටියි.
06 Mar 2025


