රුපියල් මිලියන 08කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සමඟ සැකකරුවෙකු පරන්තන් ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව කිලිනොච්චිය පරන්තන් ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ විස්සයි (20) ග්‍රෑම් එකසිය පනහක (150) පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් (01) සමඟ සැකකරුවෙකු (01) 2025 මාර්තු මස 26 වැනි දින රාත්‍රී කාලයේදී නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයේ වෙත්තලකේනි නාවික ස්ථානගත කිරීම මඟින් කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව පරන්තන් ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශය ඔස්සේ ගමන්ගත් සැකකටයුතු ලොරි රථයක් පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී එම ලොරි රථයේ ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝ විස්සයි (20) ග්‍රෑම් එකසිය පනහක (150) පමණ තොගයක් සමඟ එක් (01) සැකකරුවෙකු සහ ‍එම ලොරි රථය මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 08කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 47 ක් වන සමන්තුරෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගත් අතර, එම සැකකරු, කේරළ ගංජා තොගය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.