ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය පරාමුනේ මුහුදු ප්‍රදේශයේ 2025 අප්‍රේල් මස 01 වැනි දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් හයසීය හැත්ත පහක (675) පමණ තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් (01), සහ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.