ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය මාම්පුරි ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ලොරි රථයකින් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසීය අසු හතක (1287) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ ලොරි රථය 2025 අප්‍රේල් මස 04වැනි දින අළුයම් කාලයේදි නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.