මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම උතුර, කිරන්චි මුහුදු ප්‍රදේශයේ 2025 අප්‍රේල් මස 16 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැකකෙරෙණ රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

17 Apr 2025

ගාල්ල ධීවර වරායේ ධීවර යාත්‍රාවක ඇති වූ ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාවේ සහය

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබු ධීවර යාත්‍රාවක ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීම සඳහා දකුණු නාවික විධානයට අයත් කණ්ඩායමක සහය ලබාදීමට 2025 අප්‍රේල් මස 14 වැනි දින නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

17 Apr 2025