මෙහෙයුම් පුවත්

නුවරඑලිය ග්‍රෙගරි ජලාශයේ ජෙට්ස්කි (Jetski) යාත්‍රාවක් පෙරලීමෙන් දියේ ගිලීමේ අවදානමේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදාව මඟින් බේරා ගනියි

නුවරඑලිය ග්‍රෙගරි වැවේ ජෙට්ස්කි (Jetski) යාත්‍රාවක ජල ක්‍රීඩාවේ යෙදී සිටි පුද්ගලයින් දෙදෙනෙකු එම යාත්‍රාව දියෙහි පෙරලී යාමෙන් අනතුරට පත්වූ අතර, නාවික හමුදා ක්‍ෂණික ප්‍රථිචාර සහ සහන සැලසීමේ බළඝණය (4RU) මඟින් බේරා ගැනීමට කටයුතු කෙරිණි.

26 Apr 2025

කංසා සමඟ සැකකරුවන් 02 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2025 අප්‍රේල් මස 23 සහ 24 දෙදින කල්පිටිය ප්‍රදේශයේ සහ අම්පාර පොලීසිය සමඟ එක්ව පදියතලාව ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, විකිණීමට සූදානම්කර තිබූ කේරළ කංසා ග්‍රෑම් 751 ක් සහ දේශීය කංසා කිලෝ 01යි ග්‍රෑම් 95 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ත්‍රීරෝද රථයක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

26 Apr 2025