ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරම, කල්පිටිය සහ මීගමුව මුහුදු ප්‍රදේශයන්හි 2025 අප්‍රේල් මස 26 සහ 27 යන දෙදිනතුල සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ හයසිය හතලිස් තුනයි (643) ග්‍රෑම් තුන්සිය අසූවක (380) පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.