ශ්රී ලංකා නාවික හමුදාව, යාපනය එළුවතිව් දුපතට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ තුන්සිය එකයි (301) ග්රෑම් එකසිය පනහක (150) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්රාවක් (01) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) 2025 මැයි මස 07 වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.