මෙහෙයුම් පුවත්
නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 36 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර පරීක්ෂක කාර්යාල හා එක්ව මඩකලපුව කොටුවමඩ, ත්‍රීකුණාමලය සල්ලිකෝවිල්, එරක්කන්ඩි, අලියා දූපත, නන්දිකඩාල්, කල්ලඩි, පේදුරුතුඩුව සහ මුලතිව් ආලම්පිල් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2025 මැයි මස 10 වැනි දින සිට 19 වැනි දින දක්වා සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධි පන්න ක්‍රම සහ උපකරණ භාවිතයෙන්, නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් තිස් හයදෙනෙකු (36) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
21 May 2025
නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ, විදේශීය දුම් වැටි සහ සඟවා තිබූ කොකේන් මත් ද්‍රව්‍යය නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2025 මැයි මස 10 වැනි දින සිට 19 වැනි දින දක්වා කාල සීමාව තුල සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් සහ පොලිස් විශේෂ කර්ය බලකාය හා එක්ව සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 108ක පමණ තොගයක් (තෙත බර සහිතව), විදේශිය දුම්වැටි 2,600ක පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ සඟවා තිබූ කොකේන් මත් ද්‍රව්‍යය ග්‍රෑම් 732ක පමණ ප්‍රමාණයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
21 May 2025


