ශ්‍රී ලංකා නාවික හමුදාව; රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ කලාපීය මෙහෙයුම් සම්බන්ධීකරන මධ්‍යස්ථානය හා එක්ව සිදුකල විශේෂ එකාබද්ධ මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රා 02ක් සමඟ සැකකරුවන් එකොලොස් දෙනෙකු (11) ශ්‍රී ලංකාවට දකුණෙන් වූ ගැඹූරු මුහුදේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. එම මත්ද්‍රව්‍ය තොගය රැගත් බහුදින ධීවර යාත්‍රා සහ සැකකරුවන් දික්ඕවිට වරාය වෙත අද (2025 මැයි 28) උදෑසන රැගෙන ආ අතර, එම අවස්ථාව නිරීක්ෂණය සඳහා ගරු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සමඟ නාවික හමුදාධිපති සහ වැඩබලන පොලිස්පති සහභාගී වූහ.