මෙහෙයුම් පුවත්
නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 26 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර පරීක්ෂක කාර්යාල හා එක්ව කඩ්ඩයිකාඩු, කොක්කුතුඩුවායි, තිරියාය, නයාරු, මාන්කර්නී, වාලයිතොඩ්ඩම්, කුඩුඉරිප්පු, පුල්ලේයාරඩි, වවුනතිව් සහ කන්නකුඩා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2025 මැයි මස 20 වැනි දින සිට 25 වැනි දින දක්වා සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධි පන්න ක්‍රම සහ උපකරණ භාවිතයෙන්, නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් විසි හයදෙනෙකු (26) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
29 May 2025
නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් බීඩි කොළ, කේරල ගංජා සහ අයිස් මත් ද්‍රව්‍යය සමඟ පුද්ගලයින් 06 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 මැයි මස 20 වැනි දින සිට 25 වැනි දින දක්වා කාල සීමාව තුල සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් සහ ශ්‍රි ලංකා පොලීසිය හා එක්ව සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 252ක පමණ තොගයක් (තෙත බර සහිතව), අලෙවි කිරීමට සැලසුම් කර තිබූ කේරල ගංජා ග්‍රෑම් 12.75ක් සමඟ සැකකරුවෙකු (01) සහ අයිස් මත් ද්‍රව්‍යය ග්‍රෑම් 3, මිලි ග්‍රෑම් 155ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
29 May 2025


