ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය, ආලංකුඩා වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව අද (2025 ජුනි 04) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසියයකට (600) අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.