මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1314ක් ඇතුළු භාණ්ඩ තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම, නඩුකුඩා මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව 2025 ජුනි මස 06 වැනි දින උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් තුන්සිය දහහතරක (1314) පමණ තොගයක් ඇතුළු භාණ්ඩ තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
09 Jun 2025
නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ වෑන් රථයක් පුත්තලමේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, පුත්තලම තිල්ලයාඩි ප්‍රදේශයේ 2025 ජුනි මස 05 වැනි දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සොදිසි මෙහෙයුමකදී, නිති විරෝධි ලෙස රැගෙන ආ බවට සැක කෙරෙණ බීඩි කොළ කිලෝග්‍රෑම් තුන්සිය අසූහයක (386) පමණ තොගයක් සමඟ වෑන් රථයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
09 Jun 2025


