ශ්රී ලංකා නාවික හමුදාව, මන්නාරම, නඩුකුඩා ප්රදේශය ආශ්රිතව 2025 ජුනි මස 22 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙණ බීඩි කොළ කිලෝ ග්රෑම් එක්දහස් තුන්සිය හැටපහක (1365) පමණ තොගයක් සහ බීඩි විසි නවදහස් එකසියයක (29100) පමණ තොගයක් ලඳු කැලෑවක් තුල සඟවා තිබියදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.