මෙහෙයුම් පුවත්
දේශීය ජල තීරය තුල නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 30 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව පසුගිය දෙසතිය තුල (2025 ජුනි 09 සිට ජුනි 20 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් සහ පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයන් තිස් දෙනෙකු (30) සමඟ ඩිංගි යාත්‍රා දහයක් (10) හා තෙප්පම් යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කෙරිණි.
29 Jun 2025
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, අද (2025 ජුනි 29) අළුයම් කාලයේ මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් අට දෙනෙකු (08) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
29 Jun 2025
රුපියල් මිලියන 47 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් සමඟ සැකකරුවන් 03ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කරෙයිනගර් කෝවිලන් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2025 ජුනි මස 27 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන 47 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා කිලෝ ග්‍රෑම් දෙසිය නවයක (209) පමණ තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
29 Jun 2025


