මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් 979ක තොගයක් සමඟ සැකකරුවන් 03ක් කල්පිටිය එත්තාලෙයි කලපුව ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2025 ජුලි මස 01 වැනි දින කල්පිටිය එත්තාලෙයි කලපුව ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් නවසිය හැත්තෑනවයක් (979) රැගත් ඩිංගි යාත්‍රා තුනක් (03) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

02 Jul 2025

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල පරවියන් 65ක් සමඟ සැකකරුවන් 02ක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2025 ජුනි මස 30 වැනි දින මන්නාරම නඩුකුඩා වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස විදේශ රටකින් මෙරටට රැගෙන ආ පරවියන් හැටපස් දෙනෙකු (65) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

02 Jul 2025

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 ජුනි 30 වැනි දින රාත්‍රී කාලයේ මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු (07) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

02 Jul 2025