ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව, වෙන්නප්පුව බෝලවත්ත ප්‍රදේශයේ 2025 ජුලි මස 02 වැනි දින සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ කංසා කිලෝ ග්‍රෑම් නව සියයකට (900) අධික තොගයක් සමඟ විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල අවි දෙකක් (02), මැගසින් හතරක් (04), ජීවි උණ්ඩ හතලිහක් (40) ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් (01) සහ එම ජාවාරමට සම්බන්ධ මෝටර් රථයක් (01) සමඟ සැකකරුවන් තිදෙනෙක් (03) නීතියේ රැහැනට හසුකරදීමට කටයුතු කෙරිණි.