මෙහෙයුම් පුවත්
රුපියල් මිලියන 16කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් යාපනය මාමුණෛ ප්රදේශයේදී නීතියේ රැහැනට
ශ්රී ලංකා නාවික හමුදාව පොලීසිය හා එක්ව යාපනය මාමුණෛ ප්රදේශයේ, අද (2025 ජුලි 04) අළුයම් කාලයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන 16කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා කිලෝ හැත්තෑ එකයි (71) ග්රෑම් හාරසියයක (400) පමණ තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
04 Jul 2025
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල වියළි ඉඟුරු කිලෝ ග්රෑම් 91ක් සහ පාවහන් තොගයක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව කල්පිටිය බත්තලන්ගුංඩුව ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කර, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් මුහුදේ අතහැර දමා යන ලද, වියළි ඉඟුරු කිලෝ ග්රෑම් අනූ එකක් (91) (තෙත බර සහිත) සහ පාවහන් යුගල් දෙසීය තිස්අටක (238) තොගයක්, 2025 ජුලි මස 03 වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
04 Jul 2025


