ශ්රී ලංකා නාවික හමුදාව යාපනය එළුවතිව් දූපතට ඔබ්බෙන්වූ පුහුදු ප්රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන පහලොවකට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා කිලෝ තිස් අටයි (38) ග්රෑම් හත්සියයක (700) පමණ තොගයක්, 2025 ජුලි මස 12 වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.