මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 1307කට අධික තොගයක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, සුරබදු දෙපාර්තමේන්තුව හා එක්ව පුත්තලම සහ කල්පිටිය වෙරළ හා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2025 ජුනි 30 සිට ජුලි 10 දක්වා කාලය තුළ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොල කිලෝ ග්‍රෑම් 1307ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

14 Jul 2025

නාවික හමුදා ක්‍ෂණික ප්‍රථිචාර දැක්වීම මඟින් යාපනය ඩෙල්ෆ්ට් දූපත අසල මුහුදේ අනතුරට පත් “PERL LINK” යාත්‍රාවේ සිටි මගීන් නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට සමත් වෙයි

යාපනය ඩෙල්ෆ්ට් දූපතේ සිට කුරිකඩ්ඩුවාන් ජැටිය දක්වා දේශීය සංචාරකයන් පිරිසක් රැගත් PERL LINK නමැති මගී ප්‍රවාහන යාත්‍රාව, 2025 ජුලි මස 12වැනි දින ආපදාවට පත්ව මුහුදු බත් වූ අතර, එහිදී මුදාගත් එම යාත්‍රාවේ සිටි සංචාරකයන් දොළොස් දෙනා (12) සහ කාර්යමණ්ඩලයේ දෙදෙනා (02) නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කෙරිණි.

14 Jul 2025

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 1330කට අධික තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම අකකරයනතිව් ප්‍රදේශය ආශ්‍රිතව 2025 ජුලි මස 12 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝ එක්දහස් තුන්සිය තිහයි (1330)ග්‍රෑම් තුන්සීයයක් (300) අධික තොගයක් හමුදා සෝදිසි මෙහෙයුමක් මඟින් සොගා ගන්න ලදි.

14 Jul 2025

දේශීය ජල තීරය තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 ජූලි මස 13 වැනි දින අළුයම් කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු (07) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

14 Jul 2025