ශ්රී ලංකා නාවික හමුදාව කල්පිටිය, වෙල්ලමුන්දලම මුහුදු ප්රදේශයේ 2025 ජුලි මස 14 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල ඖෂධ පෙති දහතුන් ලක්ෂ හතලිස් නවදහස් හයසිය හතලිහක (1,349,640) තොගයක් රැගත් සහ ඩිංගි යාත්රා 03ක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කෙරිණි.