මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 750ක පමණ තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය සේරක්කුලිය සහ පුත්තලම ගඟේවාඩිය වෙරළ ප්‍රදේශ ආශ්‍රිතව 2025 ජුලි මස 16 හා 17 දෙදින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් හත්සිය පනහක (750) පමණ තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
20 Jul 2025
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් 2828 ක තොගයක් සමඟ සැකකරුවෙකු නොරොච්චෝලේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව නොරොච්චෝලේ සංජීතවත්ත ප්‍රදේශයේ 2025 ජුලි මස 19 වැනි දින සිදුකළ විශේෂ එකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රුගෙන ආ බවට සැකකෙරෙන වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් දෙදහස් අටසිය විසි අටක (2828) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
20 Jul 2025
බටහිර මුහුදේ දී අනතුරට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 03 ක් නාවික හමුදාව නිරුපද්‍රිතව මුදාගනියි
වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 02 ක් පමණ (කිලෝ මීටර් 04 ක් පමණ) දුරින් වූ බටහිර මුහුදේ දී අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් තිදෙනෙක් (03) ශ්‍රී ලංකා නාවික හමුදාව 2025 ජුලි මස 19 වැනි දින සිදුකල විශේෂ සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුමක් මඟින් නිරුපද්‍රිතව මුදාගැනීමෙන් අනතුරුව, ඉදිරි කටයුතු සඳහා දික්ඕවිට වරාය වෙත රැගෙනවිත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත බාර දීමට කටයුතු කෙරිණි.
20 Jul 2025


