නීති විරෝධී ධීවර මැඩපැවැත්වීමේ නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 28 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය විශේෂ කාර්ය බලකාය හා එක්ව, පසුගිය දෙසතිය තුල (2025 ඔක්තෝබර් 08 සිට ඔක්තෝබර් 19 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් හා පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් විසිඅටදෙනෙකු (28) සමඟ ඩිංගි යාත්‍රා අටක් (08) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, ත්‍රීකුණාමලය ඉරක්කන්ඩි, නල්ලූර්, පරවිදූපත, ෆ්ලෑග් ස්ටාෆ් පොයින්ට්, නයාරු, වෙරුගල්මොහොත්තුවාරම්, සුදෙයිකුඩා, වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි නැගෙනහිර නාවික විධානය විසින් සහ යාපනය පේදුරුතුඩුව වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි උතුරු නාවික විධානය, යාපනය පොලිස් විශේෂ කාර්යය බලකායේ සහය ඇතිව සිදුකළ මෙම මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් සමඟ ධීවර යාත්‍රා මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම් මඟින් නීතියේ රැහැනට හසුකර ගත් සැකකරුවන්, තහනම් ධිවර ආම්පන්න, ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, ඊච්චලම්පත්තුව, කුච්චවේලි, කොඩ්බේ, යාපනය පේදුරුතුඩුව, මුලතිව්, ධිවර කාර්යාල වෙත වෙත භාරදීමට කටයුතු කෙරිණි.














