මෙහෙයුම් පුවත්

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 335ට අධික තොගයක් රැගත් බහුදින යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06ක් බටහිර දිග ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව, ශ්‍රී ලංකාවට බටහිර දිග ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙණ උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් අද උදෑසන (2025 නොවැම්බර් 02) දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සිදුකල විශේෂඥ පරීක්‍ෂාවේදී, මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙණ උර තුල අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 250ක‍ට අධික තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 85කට අධික තොගයක් ඇති බවට තහවුරු වූ අතර, එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය සඳහා ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මැතිතුමා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී විය.

02 Nov 2025