නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 50 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 ඔක්තෝබර් මස 27 සිට නොවැම්බර් 10 දින දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් පනස් දෙනෙකු (50) සමඟ ඩිංගි යාත්‍රා දහතුනක් (13), කුඩා යාත්‍රාවක් (01) සහ යතුරු පැදියක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, ත්‍රිකුණාමලය ඉරක්කන්ඩි, ලංකාපටුන, කෝකිලායි, බෝල්ඩර් පොයින්ට්, වාකරේ, ජයනගර්, කින්නියා, සහ ජින්නා පුරම්, වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි නැගෙනහිර නාවික විධානය විසින්ද, මීගමුව වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි බටහිර නවික විධානය විසින්ද ගාල්ල බලපිටිය සහ අම්බලන්ගොඩ මුහුදු හා වෙරළ ප්‍රදේශ ආවරණය වන පරිදි දකුණු නාවික විධානය විසින්ද අම්පාර අඩ්ඩාලච්චේනය මුහුදු හා වෙරළ ප්‍රදේශ ආවරණය වන පරිදි ගිණිකොන නාවික විධානය සහ මන්නාරම පල්ලේමුනෙයි වෙරළ ප්‍රදේශය ආවරනය පරිදි උතුරු මැද නාවික විධානය විසින් සිදුකළ මෙම මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් පනස් දෙනෙකු (50) සමඟ ඩිංගි යාත්‍රා දහතුනක් (13) කුඩා යාත්‍රාවක් (01) සහ යතුරු පැදියක් (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, තහනම් ධිවර ආම්පන්න, ධීවර යාත්‍රා සහ යතුරු පැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, මීගමුව, ඊච්චලම්පත්තු, මුලතිව්, කුච්චවේලි, වාලච්චේනය නැගෙනහිර, ගාල්ල, කින්නියා, කල්මුනෙයි, සහ මන්මුනෛයි උතුර ධිවර පරීක්‍ෂක කාර්යාල වෙත වෙත භාරදීමට කටයුතු කෙරිණි.











