නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්රෑම් 840ක තොගයක් සමඟ කැබ් රථයක් කල්පිටියේදි නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව, 2025 නොවැම්බර් මස 11 වැනි දින කල්පිටිය, කප්පලාඩි සහ රෙඩ්බානා වෙරළ ප්රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස රැගෙන විත් ප්රවාහනය කිරිමට සූදානම් කල බීඩි කොළ කිලෝ ග්රෑම් අටසිය හතලිහක (840) පමණ තොගයක් සමඟ කැබ් රථයක් (01) සහ නිතී විරෝධි ලෙස ගෙන එන ලද සබන් කැට තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.
ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය, කප්පලාඩි වෙරළ ප්රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු කැබ් රථයක් (01) පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී, එම කැබ් රථය තුල තිබී නිතී විරෝධී ලෙස රැගෙන විත් ප්රවාහනය කිරීමට සූදානම් කර තිබූ බීඩි කොළ කිලෝ ග්රෑම් අටසීය හතලිහක (840) පමණ තොගයක් සමඟ එම කැබ් රථය නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
එමෙන්ම, ශ්රි ලංකා නාවික නෞකා විජය ආයතනය මගින් කල්පිටිය රෙඩ්බානා ප්රදේශයේ සිදු කල තවත් සෝදිසි මෙහෙයුමකදී, නිතී විරෝධී ලෙස රැගෙන විත් එම ප්රදේශයේ ළඳු කැලෑවක උර හතක (07) අසුරා සඟවා තිබු සබන්කැට එක්දහස් නවසීය අසූවක (1980) තොගයක්ද, නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් කැබ් රථය (01), බීඩි කොළ තොගය සහ සබන් කැට තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු විශේෂ ඒකකය වෙත භාරදීමට කටයුතු කෙරිණි.








