නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කුඩැල්ලන් 2000ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 03ක් කිලිනොච්චිය පල්ලිකුඩා ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චිය පල්ලිකුඩා ප්‍රදේශයේ 2026 මාර්තු මස 12 වැනි දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කුඩැල්ලන් දෙදහසක පමණ තොගයක් (2000), සැකකරුවන් තිදෙනෙක් (03) සහ කැබ් රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට අයත් නාවික ස්ථානගත කිරීම පල්ලිකුඩා අනුඛණ්ඩය මඟින්, කිලිනොච්චිය පල්ලිකුඩා ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු කැබ් රථයක් (01) පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කුඩැල්ලන් දෙදහසක පමණ තොගයක් (2000) සමඟ සැකකරුවන් තිදෙනෙක් (03) සහ එම කැබ් රථය (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 23ත් 54ත් අතර වයසේ පසුවන කිලිනොච්චි ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති අතර, එම සැකකරුවන්, මුහුදු කුඩැල්ලන් තොගය සහ කැබ් රථය ඉදිරි නීතීමය කටයුතු සඳහා කිලිනොච්චි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.





