මෙහෙයුම් පුවත්

රුපියල් මිලියන 23කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් යාපනය කඩෙයිකාඩුහීදි නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය කඩෙයිකාඩු අලියාවේලි කලපුව අසල ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන විසිතුනකට (23) අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා කිලෝ එකසිය දෙකයි (102) ග්‍රෑම් තුන්සිය පනහක (350) පමණ තොගයක් (තෙත බර සහිත) 2025 අගෝස්තු මස 04 වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

05 Aug 2025

දේශීය ජල තීරය තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 අගෝස්තු මස 03 වැනි දින රාත්‍රී කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

04 Aug 2025

නීති විරෝධී ධීවර ක්‍රම මැඩලීමේ නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 23 ක් සමඟ ආම්පන්න නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව පසුගිය දෙසතිය තුල (2025 ජුලි 23 සිට ජුලි 31 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය, කිමිදුම් උපකරණ සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයන් විසි දෙදෙනෙකු (22) සමඟ ඩිංගි යාත්‍රා පහක් (05) සහ පොලීසිය හා එක්ව සිදුකළ මෙහෙයුමකදී, අලෙවි කිරීමට සූදානම් කළ තහනම් ධීවර දැල් දෙසිය දහයක් (210) සමඟ එක් සැකකරුවෙක් (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

01 Aug 2025

නාවික හමුදා මෙහෙයුමකින් නීති විරෝධීව රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව ධීවර වරාය ආශ්‍රිතව 2025 ජුලි මස 29 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් පන්සිය අසුතුනක (583) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

01 Aug 2025

රුපියල් මිලියන 20කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කංසා තොගයක් සිලාවතුර අරිප්පු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, සිලාවතුර අරිප්පු ප්‍රදේශයේ, 2025 ජුලි මස 29 වැනි දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන 20කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කංසා කිලෝ එකසිය එකයි (101) ග්‍රෑම් හයසියයක (600) පමණ තොගයක් (තෙත බර සහිතව) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

31 Jul 2025

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1285කට අධික තොගයක් සහ වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් 604කට අධික තොගයක් මීගමුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව කුට්ටිදූව සහ කුඩාපාඩුව වෙරළ ප්‍රදේශයන්හී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ, බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් දෙසිය අසූපහකට (1285) අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රා දෙකක් (02), වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් හයසිය හතරකට (604) අධික තොගයක් සහ ඖෂධ බහලුම් පෙට්ටියක් (01), 2025 ජුලි මස 29 වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

30 Jul 2025

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 02ක් බත්තලන්ගුන්ඩුව හා මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 ජුලි 28 වැනි දින බත්තලන්ගුන්ඩුව මුහුදු ප්‍රදේශයේ සහ මන්නාරමට උතුරෙන් වූ මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් දාහතර දෙනෙකු (14) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

29 Jul 2025

දේශීය ජල තීරය තුල නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 65 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පසුගිය දෙසතිය තුල (2025 ජුලි 09 සිට ජුලි 22 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් සහ පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයන් හැට පස්දෙනෙකු (65) සමඟ ඩිංගි යාත්‍රා දහසයක් (16) නාවික හමුදා භරයට ගැනීමට කටයුතු කෙරිණි.

26 Jul 2025

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ, කෘෂි රසායනික ද්‍රව්‍ය සහ කුළුබඩු තොගයක් සමඟ සැකකරුවන් 08ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය වෙල්ලමුන්දලම, ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශය, සිලාවතුර සාවාරිපුරම් අරිප්පු බටහිර වෙරළ ප්‍රදේශය සහ උච්චමුනේ වෙල්ල දූපත ආශ්‍රිතව 2025 ජුලි මස 20 සිට 22 දක්වා සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් දෙදහස් තුන්සිය අනුනවයක (2399) පමණ තොගයක්, එනසාල් කිලෝ ග්‍රෑම් තිස්පහක් (35) සහ කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් රැගත් ඩිංගි යාත්‍රා හතරක් (04) සමඟ සැකකරුවන් අට දෙනෙකු (08) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

24 Jul 2025

දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 ජුලි මස 21 වැනි දින රාත්‍රී කාලයේ මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

22 Jul 2025