මෙහෙයුම් පුවත්
මාධ්‍ය නිවේදනය
2020 සැප්තැම්බර් 07 වන දින 1630 පැයට “New Diamond බොරතෙල් නෞකාවේ ඇති වී තිබූ ගින්න සම්පූර්ණයෙන් පාලනය කෙරේ” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැඳේ

MT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇතිව තිබූ ගින්න පෙර දින 1500 පැය පමණ වන විට පාලනය කර ගැනීමට ආපදා කළමණාකරන කණ්ඩායම් සමත් වීමෙන් පසු නෞකාවේ අභ්‍යන්තරයේ පවතින උෂ්ණත්වය හා පාරිසරික සාධක හේතුවෙන් පාලනය කරන ලද ගින්න නැවත ඇතිවීම වැළැක්වීම සඳහා දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය හා ජලය යොදා ගනිමින් ආපදා කළමණාකරන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන ලදි.
07 Sep 2020
මාධ්‍ය නිවේදනය
2020 සැප්තැම්බර් 07 වන දින 1230 පැයට “New Diamond බොරතෙල් නෞකාවේ ඇති වී තිබූ ගින්න සම්පූර්ණයෙන් පාලනය කෙරේ” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැඳේ

MT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇතිව තිබූ ගින්න පාලනය කිරීමෙන් පසු, එම නෞකාවේ නැවත ගින්නක් ඇතිවීම වැළැක්වීම සඳහා දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය හා ජලය යොදා ගනිමින් නෞකාව තුල උෂ්ණත්වය හා ඔක්සිජන් සැපයුම අඩාල කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු ආපදා කළමණාකරන කණ්ඩායම් තවදුරටත් කටයුතු කරමින් සිටී.
07 Sep 2020
මාධ්‍ය නිවේදනය
2020 සැප්තැම්බර් 06 වන දින 1830 පැයට “New Diamond බොරතෙල් නෞකාවේ ඇති වී තිබූ ගින්න සම්පූර්ණයෙන් පාලනය කෙරේ” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැඳේ

MT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇතිව තිබූ ගින්න පෙර දින (2020 සැප්තැම්බර් 06) සවස 1500 පැය වන විට සම්පූර්ණයෙන් පාලනය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු ආපදා කළමණාකරන කණ්ඩායම් සමත් විය. කෙසේ වෙතත් නෞකාවේ අභ්‍යන්තරයේ පවතින අධික උෂ්ණත්වය හා පාරිසරික සාධක හේතුකොටගෙන නැවතත් ගින්න ඇතිවීමේ සම්භාවිතාවයක් පවතින හෙයින් ආපදා කළමණාකරනය සඳහා යොමු කරන ලද නෞකා සහ යාත්‍රා යොදා ගනිමින් තවදුරටත් ගිනි ගැනීමට ලක්වූ නෞකාව ජලය යොදා ගනිමින් සිසිලනය කිරීම සිදු කරනු ලබයි.
07 Sep 2020
මාධ්‍ය නිවේදනය
New Diamond බොරතෙල් නෞකාවේ ඇති වී තිබූ ගින්න සම්පූර්ණයෙන් පාලනය කෙරේ

MT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාව කුවෙට් රාජ්‍යයේ මීනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ පරදිප් වරාය වෙත බොරතෙල් මෙට්‍රික් ටොන් 270000 ක් ප්‍රවාහනය කරමින් තිබියදී 2020 සැප්තැම්බර් 03 වන දින උදෑසන 0800 පැයට පමණ ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමක් ඇතිවී ආපදාවකට පත්විය. ඒ වනවිට නෞකාව සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38 ක දුරකින් යාත්‍රාකරමින් තිබූ අතර, එම නෞකාවේ ප්‍රධාන යන්ත්‍ර කාමරයේ බොයිලේරුවක සිදු වූ පිපිරුමක් සමඟ මෙම ගින්න ඇතිව තිබුණි.
06 Sep 2020
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝ 815 ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට

නාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කල තවත් වියලි කහ කිලෝ 815 කට ආසන්න ප්‍රමාණයක් සහ සැකකරුවන් තිදෙනෙකු (03) අද (2020 සැප්තැම්බර් 06) කල්පිටිය එත්තාලෙ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
06 Sep 2020
මාධ්‍ය නිවේදනය
2020 සැප්තැම්බර් 05 වන දින 1930 පැයට “පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැඳේ

ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රමුඛ අනෙකුත් පාර්ශවකරුවන් දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය හා ජලය යොදාගෙන ආපදාවට ලක් වූ නෞකාවේ ගිනි නිවීම් හා එයට සිසිලන ආවරණ ලබාදීම තවදුරටත් ඉතා කාර්යක්‍ෂමව සිදු කරනු ලබයි. ගොඩබිම සිට නාවික සැතපුම් 40 ක් (කිලෝමීටර් 74 ක් පමණ) දක්වා වූ ගැඹුරු මුහුදේ රඳවාගෙන ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම සඳහා පෙර දින (2020 සැප්තැම්බර් 05) මධ්‍යම රාත්‍රියේදී ඕෂන් බ්ලිස් (Ocean Bliss) නම් ටග් යාත්‍රාවක්ද එක් විය.
06 Sep 2020
මාධ්‍ය නිවේදනය
2020 සැප්තැම්බර් 05 වන දින 1130 පැයට “පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැඳේ

මෙම ආපදාවට ලක් වූ නෞකාව ගොඩබිම සිට මුහුදු සැතපුම් 40 ක් (කිලෝමීටර් 74 ක් පමණ) දක්වා වූ ගැඹුරු මුහුදේ රඳවාගෙන දහන අපෝෂක රසායනික දව්‍ය හා ජලය යොදාගෙන ගිනි නිවීම් හා සිසිලන ආවරණ ලබාදීම ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රමුඛ අනෙකුත් පාර්ශවකරුවන් විසින් තවදුරටත් ඉතා කාර්යක්‍ෂමව සිදු කරනු ලබයි. එමෙන්ම අද දහවල් කාලයේදී ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් තවත් නෞකාවන් දෙකක් (02) වන අමීයා හා අභීක් යන නෞකා ද්විත්වය මෙම මෙහෙයුම සඳහා එක්විය.
05 Sep 2020
නාවික හමුදා මෙහෙයුම් මගින් තහනම් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 05 ක් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව පසුගිය දින කිහිපය තුල පුත්තලම සවීව පුර, පොඩුවකට්ටු, මන්නාරම සහ පල්ලේමුණෙයි ප්‍රදේශයන්හි සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් අයිස්, හෙරොයින් සහ කේරළ ගංජා සමඟ සැකකරුවන් 05ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
05 Sep 2020
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 සැප්තැම්බර් 05) මාරවිල වෙරළතීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ බීඩිකොළ කිලෝග්‍රෑම් 506 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
05 Sep 2020
මාධ්‍ය නිවේදනය
2020 සැප්තැම්බර් 05 වන දින 0600 පැයට “පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැඳේ

මෙම නෞකාව ඊයේ දින (2020 සැප්තැම්බර් 04) 1800 පැය වන විට ගොඩබිමට නාවික සැතපුම් 20ක් පමණ දුරකට ළඟාවී තිබුනද ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රමුඛ අනෙකුත් පාර්ශවයන්ගෙ අඛණ්ඩ ප්‍රයත්නය හමුවේ එම ගින්න පාලනයකට නතුකර ගැනීමට සමත්වීම මත ALP Winger නම් ටග් යාත්‍රාව මෙම ආපදාවට ලක් වූ නෞකාව ගොඩබිම සිට මුහුදු සැතපුම් 40 ක් (කිලෝමීටර් 74 ක් පමණ) දක්වා වූ ගැඹුරු මුහුදේ රඳවන ලදි.
05 Sep 2020