මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝ 1428 ක තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කල තවත් වියලි කහ කිලෝ 1428කට ආසන්න ප්‍රමාණයක් 2020 අගෝස්තු 29 වන දින නොරොච්චෝලේ ප්‍රදේශයේදී සහ කල්පිටිය වෙල්ල දූපතේදී සොයා ගැනීමට සමත් විය.
30 Aug 2020
මුහුදු මගින් ප්‍රවාහනය කරමින් තිබූ කිලෝග්‍රෑම් 05 කට අධික රත්‍රං සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව 2020 අගෝස්තු 28 වන දින උතුරු මුහුදේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං කිලෝ 05 ග්‍රෑම් 500ක ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
29 Aug 2020
නාවික හමුදා සහායෙන් හෙරොයින් සහ කේරළ ගංජා සමඟ සැකකරුවන් 06 දෙනෙකු අත් අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව පසුගිය දින කිහිපය තුල සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් හෙරොයින් සහ කේරළ ගංජා සමඟ සැකකරුවන් 06 දෙනෙකු අත් අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
27 Aug 2020
නාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු සහ නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් 48 ක් නීතියේ රැහැනට

පසුගිය සතිය තුල නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කල විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් හා තවත් නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් 48 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
26 Aug 2020
එරක්කණ්ඩි මුහුදේ පාවෙමින් තිබූ නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගනු ලබන පුපුරණ ද්‍රව්‍ය නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය එරක්කණ්ඩි මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ නීති විරෝධී ධීවර කටයුතු සඳහා භාවිතා කරනු ලබන පුපුරණ ද්‍රව්‍ය කොටස් කිහිපයක් පසුගිය දින නාවික භාරයට ගැනීමට කටයුතු කරන ලදි.
24 Aug 2020
නාවික හමුදා දායකත්වයෙන් ගාල්ල ප්‍රදේශයේ, වක්වැල්ල සහ දොඩම්ගොඩ පාලම් තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ දොඩම්ගොඩ සහ වක්වැල්ල යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කර, ගිං ගඟේ ජලය ගලා බැසීමට තිබූ අවහිරතා ඉවත් කිරීමට පසුගියදා නාවික හමුදාව කටයුතු කෙරිණි.
24 Aug 2020
නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් පසුගිය සතිය තුල සිදු කල විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගන්නා ලදි.
21 Aug 2020
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල තවත් වියලි කහ තොගයක් මන්නාරම සහ නොරෝච්චෝලේ වෙරළ තීරයන්හීදී නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝ 807කට ආසන්න ප්‍රමාණයක් නොරොච්චෝලේ දලුව සහ මන්නාරම වංකාලේ යන වෙරළ තීරයන්හීදී 2020 අගෝස්තු 18 වන දින නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.
19 Aug 2020
ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

දිවයිනේ නීතිය හා සාමය පවත්වා ගැනීමට බාධා වන අයුරින් සිදු වන නීති විරෝධි ක්‍රියා මැඩලීම සඳහා නිරන්තර අවධානයෙන් පසුවන නාවික හමුදාව නීති විරෝධි ලෙස ගිනි අවියක් ලඟ තබා ගත් සැකකරුවෙකු 2020 අගෝස්තු 14 වන දින අත්අඩංගුවට ගැනීමට සමත් විය.
15 Aug 2020
තහනම් මත්ද්‍රව්‍ය ලඟ තබාගත් පුද්ගලයින් සිව් දෙනෙක් (04) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යට දායකත්වය සපයන නාවික හමුදාව, පසුගිය සතිය තුළ නොරොච්චෝලේ, ත්‍රිකුණාමල චීනවරාය සහ කුච්චවේලි යන ප්‍රදේශයන් තුලදී තහනම් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) හා සැකකාරියක (01) නීතියේ රැහැනට හසුකර දීමට සමත් විය.
15 Aug 2020