මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2,040 කට අධික තොගයක් පුත්තලම සහ නොරොච්චෝලේ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් පුත්තලම කලපුව, පාලවිය සහ නොරොච්චෝලේ මුහුදු ප්‍රදේශයේ 2024 සැප්තැම්බර් මස 22 සහ 23 යන දිනයන්හි සිදුකළ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහස් හතලිහකට (2,040) අධික (තෙත බර සහිතව) තොගයක් සහ ලොරි රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
25 Oct 2024
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා 02ක් සමඟ ඉන්දීය ධීවරයින් 16ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 ඔක්තෝබර් මස 23 වන දින යාපනය, කච්චතිව් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් දහසය දෙනෙකු (16) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
24 Oct 2024
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ගැඹුරු මුහුදේදී අනතුරට ලක්වු ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින්, කිරින්දේ සිට නාවික සැතපුම් 179 ක් (කිමි 331 ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදේදී අනතුරකට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ගාල්ල වරාය දෙසට රැගෙන ඒමෙන් පසු අද දින (2024 ඔක්තෝබර් 23) කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රථිකාර සඳහා කරාපිටිය, ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
23 Oct 2024
නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල කල පුද්ගලයන් 02 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රීකුණාමලය සල්ලිකෝවිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 ඔක්තෝබර් මස 21 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල පුද්ගලයින් දෙදෙනෙකු (02), යාත්‍රාවක් (01), කිමිදුම් උපකරණ සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
23 Oct 2024
නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1066 කට අධික තොගයක් වයඹ මුහුද සහ වෙරළ තීරයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2024 ඔක්තෝබර් මස 10 වන දින සිට 20 වන දින දක්වා පුත්තලම සිට සිලාවතුර දක්වා වයඹ මුහුදු තීරයේ සහ ඒ ආශ්‍රිත වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1066 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
21 Oct 2024
රුපියල් මිලියන 06 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02 ක් යාපනය, චාවකච්චේරි මනිත්තලේයිදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය හා එක්ව යාපනය, චාවකච්චේරි මනිත්තලේයි ප්‍රදේශයේදී 2024 ඔක්තෝබර් මස 19 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ පහළොවයි මිලි ග්‍රෑම් පනස් පහක (15.055) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
20 Oct 2024
අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවකු ත්‍රිකුණාමලය නොච්චිකුලම් ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා එක්ව 2024 ඔක්තෝබර් මස 18 වන දින ත්‍රිකුණාමලය, නොච්චිකුලම් ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහලොවයි (15) මිලිග්‍රෑම් තුන්සීය දහයක් (310) සමඟ සැකකරුවකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
19 Oct 2024
රුපියල් මිලියන 13 කට අධික දළ වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 33 කට අධික තොගයක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව; පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව 2024 ඔක්තෝබර් මස 17 වන දින තලෙයිමන්නාරම ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී සහ නාවික හමුදාව කච්චතිව් දුපතේ සිදුකළ මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ තිස් තුනයි ග්‍රෑම් අසු අටක (33.88) පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
18 Oct 2024
නාවික හමුදාව මඟින් ගාල්ල අගලිය පාලම සහ දොඩංගොඩ පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කෙරේ

ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගිං ගඟ හරහා ඉදි කර ඇති අගලිය පාලම සහ දොඩංගොඩ පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් 2024 ඔක්තෝබර් මස 14 වන දින ක්‍රියාත්මක කෙරිණි.
16 Oct 2024
අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති සමඟ සැකකරුවන් 02 ක් ත්‍රිකුණාමලය සෙල්වනායකපුරම් ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 ඔක්තෝබර් මස 15 වන දින ත්‍රිකුණාමලය, සෙල්වනායකපුරම් ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් හතරයි (04) මිලිග්‍රෑම් තුන්සීය හතලිහක් (340), මත් කරල් දහයක් (10) සහ මත් පෙති විස්සක් (20) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
16 Oct 2024