මෙහෙයුම් පුවත්
නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝ ග්‍රෑම් 470 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව අද දින (2024 සැප්තැම්බර් 10) පුත්තලම සේරක්කුලිය වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන වියළි කහ කිලෝග්‍රෑම් හාරසිය හැත්තෑවක (470) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
10 Sep 2024
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1222 කට අධික තොගයක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව මීගමුව, කල්පිටිය සහ සිලාවතුර ප්‍රදේශ ආශ්‍රිතව 2024 සැප්තැම්බර් මස 07 වන දින සහ අද දින (2024 සැප්තැම්බර් 08) සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසිය විසි දෙකකට (1222) අධික තොගයක් (තෙත බර සහිත) සමඟ ලොරි රථයක් (01) සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
08 Sep 2024
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 03 ක් උතුරු මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව අද දින (2024 සැප්තැම්බර් 07) දහවල් කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා තුනක් (03) සමඟ ඉන්දීය ධීවරයින් දහ හතර දෙනෙකු (14) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
08 Sep 2024
මත්පෙති 35470 ක තොගයක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2024 සැප්තැම්බර් මස 06 වන දින සවස් කාලයේ පුත්තලම, සේරක්කුලිය වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, ළදු කැළෑවක් තුළ සඟවා තිබූ මත්පෙති (Pregabalin Capsules) තිස් පන්දහස් හාරසීය හැත්තෑවක (35470) තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
07 Sep 2024
රුපියල් මිලියන 75 ක දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් පේසාලේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2024 සැප්තැම්බර් මස 06 වන දින මන්නාරම පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් එකසිය අසූ අටකට (188) අධික තොගයක් (තෙතබර සමඟ) සහිත උර පහක් (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
07 Sep 2024
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 843 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, හලාවත කලපුවේ මයික්කුලම ප්‍රදේශයේ 2024 සැප්තැම්බර් මස 04 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් අටසීය හතලිස් තුනකට (843) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
05 Sep 2024
ගැඹුරු මුහුදේදී අනතුරට පත් “නිහතමානි 01” බහුදින ධීවර යාත්‍රාවෙන් මුදවාගත් ධීවරයින් 04 දෙනා ගජබාහු නෞකාව මඟින් ගාල්ල වරාය වෙත රැගෙන එයි

2024 සැප්තැම්බර් මස 03 වන දින ගාල්ල සිට නාවික සැතපුම් 241 ක් පමණ (කිලෝමීටර් 501) ගැඹුරු මුහුදේදී අනතුරට පත් “නිහතමානි 01” බහුදින ධීවර යාත්‍රාවේ සිටි, “ලසන්ත 01” බහුදින ධීවර යාත්‍රාව මඟින් මුදවා ගත් ධීවරයින් සිව් දෙනා (04) ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව වෙත ගැඹුරු මුහුදේදී ලබාගැනීමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා 2024 සැප්තැම්බර් මස 04 වන දින ගාල්ල වරාය වෙත රැගෙන විත් කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
05 Sep 2024
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, අද දින (2024 සැප්තැම්බර් 04) යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
04 Sep 2024
අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 02 ක් අරිප්පු ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2024 සැප්තැම්බර් මස 03 වන දින අරිප්පු ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ග්‍රෑම් තිස් එක්යි (31) මිලිග්‍රෑම් හාරසීයක (400) පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ යතුරු පැදියක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
04 Sep 2024
ගාල්ල සිට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේදී අනතුරට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් මුදවා ගැනීම සඳහා නාවික හමුදා සහය

ගාල්ල සිට නිරිත දෙසින් නාවික සැතපුම් 271 ක් පමණ (කිලෝ මීටර් 501 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී නෞකාවක ගැටීමෙන් මුහුදේ පෙරලී ආපදාවට ලක් වූ මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව් දෙනෙකු (04) වෙනත් ධීවර යාත්‍රාවක් මඟින් නිරුපද්‍රිතව මුදවා ගැනීමට කටයුතු කර ඇති අතර, එම ධීවරයින් පිරිස කඩිනමින් ගොඩබිමට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව එම මුහුදු ප්‍රදේශය වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් අද දින (2024 සැප්තැම්බර් 03) කටයුතු කෙරිණි.
03 Sep 2024