මෙහෙයුම් පුවත්
කේරළ ගංජා සමඟ සැකකරුවෙකු කල්පිටියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව; පොලීසි හා එක්ව 2024 සැප්තැම්බර් මස 01 වන දින කල්පිටිය කුරිඤ්ඤපිඩ්ඩි සහ සින්නකොඩිරුප්පුව ප්‍රදේශයන්හි සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් එකක් (01) සමඟ සැකකරුවෙකු (01) සහ කැබ් රථයක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
02 Sep 2024
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 345 ක තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම එරඹුගොඩැල්ල සහ කප්පලඩි වෙරළ ප්‍රදේශ ආශ්‍රිතව 2024 අගෝස්තු මස 31 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් තුන්සිය හතලිස් පහක (345) තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
01 Sep 2024
වාණිජ පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන මසුන් කිලෝ ග්‍රෑම් 1865 ක තොගයක් සමඟ සැකකරුවෙක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; ත්‍රීකුණාමලය නිලාවේලි වෙරළ ප්‍රදේශයේ අද දින (2024 අගෝස්තු 30) සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස වාණිජ පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන මසුන් කිලෝග්‍රෑම් එක්දහස් අටසිය හැට පහක (1865) පමණ තොගයක් අලෙවි කිරීමට සූදානම් කරමින් සිටි පුද්ගලයෙකු (01) සමඟ එම මසුන් තොගය නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
30 Aug 2024
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1,076 කට අධික තොගයක් සමඟි ඩිංගි යාත්‍රා 02 ක් සහ තෙප්පමක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව ඩෙල්ෆ් දූපතේ උරිමුනේ වෙරළ තීරයේ සහ කල්පිටිය කුඩාව කලපු තීරයේ 2024 අගෝස්තු මස 28 වන දින සහ අද දින (2024 අගෝස්තු 29) සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් හැත්තෑ හයකට (1,076) අධික තොගයක් (තෙත බර සහිත) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ තෙප්පමක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
29 Aug 2024
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 552 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය උච්චමුනේ වෙරළ තීරය, මන්නාරමට ඔබ්බෙන් උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශය, ඩෙල්ෆ් දූපතේ උරිමුනායි හා වෙල්ලියල් සහ සිලාවතුර කොන්ඩච්චිකුඩා වෙරළ ප්‍රදේශ ආශ්‍රිතව 2024 අගෝස්තු මස 25 සහ 27 දෙදින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් පන්සිය පනස් දෙකකට (552) අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
28 Aug 2024
පුත්තලම කරඹ ප්‍රදේශයේදී නීති විරෝධීව මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන ජංගම දුරකථන 650 ක තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව 2024 අගෝස්තු මස 27 වන දින පුත්තලම කරඹ ප්‍රදේශයේ මාර්ග බාධකයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, බොලෙරෝ කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ ජංගම දුරකථන 650 ක තොගයක් සමඟ සැකකරුවෙකු (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
28 Aug 2024
උතුරු මුහුදේදී ආපදාවට පත් ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 02 ක් නාවික හමුදාව විසින් බේරාගනියි

ශ්‍රී ලංකාවට උතුරු දෙසින්, කච්චතිව් දූපතේ සිට නාවික සැතපුම් 08 ක් පමණ (කිලෝ මීටර් 14 ක් පමණ) දුරින් වූ ඉන්දීය මුහුදු කලාපයේදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් දෙදෙනෙකු (02) නිරුපද්‍රිතව බේරා ගැනීමට අද දින (2024 අගෝස්තු 27) නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
27 Aug 2024
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 අගෝස්තු මස 26 වන දින මන්නාරමට, උතුරෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් අට දෙනෙකු (08) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
27 Aug 2024
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 748 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය උච්චමුනේ ඉප්පන්තිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ වෙල්ලමුන්දලම වෙරළ ප්‍රදේශයේ 2024 අගෝස්තු මස 25 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 748.6 ක පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
26 Aug 2024
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 776 ක පමණ තොගයක් කල්පිටියේදි නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කප්පලඩි වෙරළ ප්‍රදේශයේ අද දින (2024 අගෝස්තු 24) සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් හත්සිය හැත්තෑ හයක (776) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
24 Aug 2024