මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස ඉන්දීය ධීවර යාත්‍රාවක් මඟින් වෙන්නප්පුව වෙරළ තීරයට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, වෙන්නප්පුව වෙරළ ප්‍රදේශයේ සිදුකල මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස ඉන්දීය ධීවර යාත්‍රාවක් මඟින් වෙන්නප්පුව තල් දෙක (කඩවත) ප්‍රදේශයට පැමිණ රහසිගතව ගොඩ බැසීමට උත්සහ කල ශ්‍රී ලාංකිකයෙකු, 2024 අගෝස්තු මස 10 වන දින සන්ධ්‍යාවේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙ‍රිණි.

11 Aug 2024

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2,068 ක් රැගත් ඩිංගි යාත්‍රා 03 ක් සමඟ සැකකරුවන් 06 ක් වයඹ මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව මන්නාරමට දකුණෙන්, වයඹ මුහුදේ, කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 අගෝස්තු මස 09 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහස් හැට අටක (2,068) පමණ තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රා තුනක් (03) සමඟ සැකකරුවන් හයදෙනෙකු (06) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙ‍රිණි.

10 Aug 2024

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 3524 ක පමණ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කන්දකුලිය වෙරළ ප්‍රදේශයේ සහ උච්චමුණිය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 අගෝස්තු මස 08 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් තුන්දහස් පන්සීය විසි හතරක (3524) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

09 Aug 2024

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 04 ක් වයඹ මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව 2024 අගෝස්තු මස 08 වන දින මන්නාරමට දකුණෙන්, වයඹ මුහුදේ, කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ඩව් යාත්‍රා හතරක් (04) සමඟ ඉන්දීය ධීවරයින් තිස්පස් දෙනෙකු (35) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

09 Aug 2024

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 689 ක පමණ තොගයක් සමඟ සැකකරුවෙක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම, එරඹුගොඩැල්ල වෙරළ ප්‍රදේශයේ අද දින (2024 අගෝස්තු 08) අළුයම් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් ප්‍රවාහනය කිරීම සඳහා ලොරි රථයකට පටවමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් හයසිය අසූ නවයක (689) පමණ තොගයක් සමඟ ලොරි රථයක්, ඩිංගි යාත්‍රාවක් (01) සහ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

08 Aug 2024

කල්පිටිය තොරයඩි කලපුවේ ගිල්වා තිබූ රත්‍රං කිලෝ 04 ග්‍රෑම් 740 ක තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2024 අගෝස්තු මස 06 වන දින කල්පිටිය තොරයඩි කලපුවේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ජාවාරම්කරුවන් විසින් එම කලපුවේ ගිල්වා තිබූ බවට සැකකෙරෙන රත්‍රං කිලෝ 04 ග්‍රෑම් 740 ක් අඩංගු ඇසුරුමක් නාවික හමුදා භාරයට ගත් අතර, එම රත්‍රං අඩංගු ඇසුරුම ප්‍රවාහනය කල බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රාවක්ද (01) තොරයඩි වෙරළ ප්‍රදේශයේ තිබියදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

07 Aug 2024

වාණිජ පුපුරණ ද්‍රව්‍ය ‍තොගයක් මන්නාරම ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ 2024 අගෝස්තු මස 05 වන දින සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ සඟවා තිබූ ජෙලට්නයිට් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු හැටක් (60), විදුලි නොවන ඩෙට‍නේටර් තිහක් (30), C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් තුන්සියය පනහක ප්‍රමාණයක් (350g) සමඟ එම පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කල බවට සැකකෙරෙන කැබ් රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

06 Aug 2024

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් මන්නාරම දකුණු මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව 2024 අගෝස්තු මස 05 වන දින මන්නාරම දකුණු මුහුදේ, කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් විසි දෙදෙනෙකු (22) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

06 Aug 2024

රුපියල් මිලියන 82 ක‍ට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් කිලිනොච්චිය ඉරණතිව් දූපතේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චිය, ඉරණතිව් දූපතේ 2024 අගෝස්තු 04 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම දූපතේ ලඳු කැලෑවක් තුල සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙසිය හතකට (207) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

05 Aug 2024

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව අද දින (2024 අගෝස්තු 03) යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු (04) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

03 Aug 2024