මෙහෙයුම් පුවත්

ත්‍රිකුණාමලය මාවිල් ආරු වැව් බැම්මේ කොටසක් කැඩී යාමෙන් ආපදාවට ලක්වූ පුද්ගලයන් 309 ක් නාවික හමුදාව මුදාගනියි

අධික වර්ෂාපතනය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණි ත්‍රිකුණාමලය මාවිල් ආරු වැවේ, වැව් බැම්මේ කොටසක් ඊයේ (2025 නොවැම්බර් 30) කැඩී යාමෙන්, ප්‍රදේශයේ ඇතිවී ඇති ගංවතුර ආපදාවෙන් පීඩාවට පත් ජනතාව මුදාගැනීමේ හා සහන සැලසීමේ මෙහයුම් නොවැම්බර් 30 දිනය පුරා නාවික හමුදාව අඛණ්ඩ සිදුකරමින් සිටියි.

01 Dec 2025

ජාතික ආපදා තත්වය මත නාවික හමුදාව සිදුකල ආපදා සහන මෙහෙයුම් මඟින් පුද්ගලයන් 10,099ක් වෙත ආපදා සහන

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇති වී ඇති ජාතික ආපදා තත්වය මත, නාවික හමුදාව මුළු දිවයිනම ආවරණය වන පරිදි ආපදා සහන මෙහෙයුම් 2025 නොවැම්බර් මස 22 දින සිට සිදුකරනු ලබයි. දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි මේ දක්වා (2025 නොවැම්බර් 30) සිදුකල මානුෂීය ආධාර හා ආපදා සහන මෙහෙයුම් මඟින්, පුද්ගලයන් 10,099 දෙනෙකු වෙත ආපදා සහන සැලසීමට නාවික හමුදාව විසින් කටයුතු කර ඇති අතර, මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව සිදුකරනු ලබයි.

30 Nov 2025

නාවික හමුදාව මධ්‍යම, බස්නාහිර, සබරගමුව සහ වයඹ පලාත් තුල සිදුකල අඛණ්ඩ ආපදා සහන මෙහෙයුම් මඟින් පුද්ගලයන් 882ක් වෙත සහන සලසයි

අයහපත් කාලගුණික තත්වය හමුවේ මධ්‍යම, බස්නාහිර, සබරගමුව සහ වයඹ පලාත් තුල පීඩාවට පත්වන මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව අද දිනයේදීත් (2025 නොවැම්බර් 29) අඛණ්ඩ මෙහෙයුම් සිදු කෙරිණි. ඒ අනුව, බටහිර නාවික විධානය මඟින් මහනුවර, ගන්නෝරුව, ගම්පොළ, කටුගස්තොට, හලාවත, රත්නපුර, කොළොන්නාව, මීගොඩ, අවිස්සාවෙල්ල තල්දූව, වැලිවිට, දිවුලපිටිය, බඩල්ගම, මහවැව, ගිරිඋල්ල, කෑගල්ල, රුවන්වැල්ල, අයගම, කලවාන, මාරපන සහ මීරිගම යන ප්‍රදේශ ආවරණය වන පරිදි සිදුකල ආපදා සහන මෙහෙයුම් මඟින්, ගංවතුරෙන් ආපදාවට පත්ව අවදානමට ලක්ව සිටි පුද්ගලයන් 882 දෙනෙකු වෙත අවශ්‍ය සහන සැලසීම සිදු කෙරිණි.

29 Nov 2025

නාවික හමුදාව අනුරාධපුරය සහ වව්නියාව දිස්ත්‍රික්ක තුල සිදුකල අඛණ්ඩ ආපදා සහන මෙහෙයුම් මඟින් පුද්ගලයන් 380ක් වෙත සහන සලසයි

අයහපත් කාලගුණික තත්වය හමුවේ අනුරාධපුරය සහ වව්නියාව දිස්ත්‍රික්ක තුල පීඩාවට පත්වන මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව අද දිනයේදීත් (2025 නොවැම්බර් 29) අඛණ්ඩ මෙහෙයුම් සිදු කෙරිණි. ඒ අනුව, උතුරු මැද නාවික විධානය මඟින්; අනුරාධපුර ඉපලෝගම, පදවි පරාක්‍රමපුර, සේනපුර, මැදවච්චිය, සෙට්ටිකුලම්, ගල්නෑව, තඹුත්තේගම සහ වව්නියාව ඕමන්තේ ප්‍රදේශ තුල සිදුකල ආපදා සහන මෙහෙයුම් මඟින් ගංවතුර හේතුවෙන් අවදානමට ලක්ව සිටි පුද්ගලයන් 380 දෙනෙකු වෙත සහන සැලසීම සිදු කෙරිණි.

29 Nov 2025

ත්‍රිකුණාමලය, පොලොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්ක තුල ආපදාවට පත් පුද්ගලයන් 1310ක් වෙත නාවික හමුදාව සහන සලසයි

ශ්‍රී ලංකා නාවික හමුදාව දිවයිනම ආවරණය වන පරිදි අධි අවධානම් ආපදා සහිත ස්ථාන වෙත ආපදා සහන කණ්ඩායම් යොදවා ඇත. අද දිනය (2025 නොවැම්බර් 29) තුල නැගෙනහිර නාවික විධානය මඟින් ත්‍රිකුණාමලය, පොලොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්ක තුල; කින්නියා මල්ලපච්චෙනායි, කන්තලේ, මූතූර් සාෆි නගර්, කලාඔය, ගෝමරන්කඩවල, රැල් පාලම, ගල්ලෑල්ල සහ අළුත්ගම බෝගමුව යන ප්‍රදේශ ආවරණය වන පරිදි සිදුකල ආපදා සහන මෙහෙයුම් මඟින්, ගංවතුරෙන් ආපදාවට පත්ව අවදානමට ලක්ව සිටි පුද්ගලයන් 69 දෙනෙකු ‍මුදා ගැනීමටත්, 1241 දෙනෙකු ආරක්‍ෂිතව ප්‍රවාහනය කිරීමටත් කටයුතු කෙරිණි.

29 Nov 2025

අයහපත් කාලගුණ තත්වය හමුවේ පීඩාවට පත් ජනතාව වෙත සහන සැලසීම සඳහා නාවික හමුදාවෙන් අඛණ්ඩව ආපදා සහන මෙහෙයුම්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය මත ඇදහැලෙන අධික වැසි හේතුවෙන් කලාඔය, වාරියපොල, කොබෙයිගනේ, නච්චිකුඩා මල්ලාවිල්, පොලොන්නරුව ගල්ලෑල්ල, කුරුණෑගල මහව, හලාවත අරියගම, දිවුලපිටිය කොටදෙනියාව, මහනුවර හල්ලොලුව, තලාතුඔය මහමැදගම, කොලොන්නාව සහ කෑගල්ල ගුරුගල්ල යන ප්‍රදේශයන්හි ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා තවදුරටත් (2025 නොවැම්බර් 29) නාවික හමුදාව ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදුකරමින් සිටියි.

29 Nov 2025

ගංවතුරෙන් පීඩාවටපත් ත්‍රීකුණාමලය සහ අම්පාර ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් නාවික හමුදාව මඟින් ආපදා සහන මෙහෙයුම්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය මත ඇදහැලෙන අධික වැසි හේතුවෙන්, ත්‍රීකුණාමලය මුතූර් හා කින්නියා ප්‍රදේශයේ සහ අම්පාර කල්මුනේ ප්‍රදේශයේ ඇතිවී ඇති ගංවතුර හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව අද උදෑසන (2025 නොවැම්බර් 28) සිට අඛණ්ඩව ආපදා සහන මෙහෙයුම් සිදුකරමින් සිටියි.

28 Nov 2025

ගංවතුරෙන් ආපදාවට පත්ව යාපනය පුන්ගුඩුතිව් දූපතේ අසාධ්‍යව සිටි රෝගියෙකු ප්‍රථිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

යාපනය ප්‍රදේශයට ඇදහැලෙන අධික වැසි තත්වය හමුවේ, ප්‍රවේශ මාර්ග අවහිරවීමෙන් ප්‍රථිකාර ගැනීමට යාමට නොහැකිව හෘදයාබාදයකින් අසාධ්‍යව පුන්ගුඩුතිව් දූපතේ සිරවී සිටි කාන්තාවක්, ප්‍රථිකාර සඳහා කඩිනමින් පුන්ගුඩුතිව් රෝහල වෙත යොමු කිරීමට අද උදෑසන (2025 නොවැම්බර් 28) නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

28 Nov 2025

අයහපත් කාලගුණ තත්වය හමුවේ මහව සහ එළුවන්කුලම ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමට නාවික හමුදා සහය

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය මත ඇදහැලෙන අධික වැසි හේතුවෙන්, කුරුණෑගල මහව ගල්ටැන් වැව පිටාර ගැලීමෙන් සහ පුත්තලම එළුවන්කුලම ප්‍රදේශයේ ඇතිවී ඇති ගංවතුර හමුවේ ආපදාවට පත් ජනතාව, නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් මඟින් නිරුපද්‍රිතව ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමේ මෙහෙයුම් අද උදෑසන (2025 නොවැම්බර් 28) සිදුකෙරිණි.

28 Nov 2025

අයහපත් කාලගුණ තත්වය හමුවේ හඟුරන්කෙත ප්‍රදේශයේ පස් කඳු කඩා වැටීමෙන් ආපදාවට පත් ජනතාව ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමට නාවික හමුදා සහය

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හමුවේ, හඟුරන්කෙත කොස්ගහලන්ද, මාඔය, උනුවින්න ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් එම ප්‍රදේශයේ සිරවී සිටි පිරිසක් නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් මඟින් නිරුපද්‍රිතව ඉවත්කර ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ඊයේ දිනයේදී (2025 නොවැම්බර් 27) කටයුතු කෙරිණි.

28 Nov 2025