මෙහෙයුම් පුවත්

නීති විරෝධි ලෙස හක් බෙල්ලන් 14163 ක් ගබඩා කර සිටි පුද්ගලයින් 03 ක් මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, මන්නාරම ඉරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ 2024 ජනවාරි මස 15 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, අනුමත නෛතික සීමාව නොමැති හක් බෙල්ලන් ගණනින් දාහතර දහස් එකසිය හැට තුනක (14163) පමණ තොගයක් ගබඩා කර සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

18 Jan 2024

නාවික හමුදාව මඟින් ගාල්ල දොඩංගොඩ පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්

ගාල්ල, දොඩංගොඩ ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදි කර ඇති දොඩංගොඩ පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් 2024 ජනවාරි මස 17 වන දින ක්‍රියාත්මක කෙරිණි.

18 Jan 2024

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 ජනවාරි මස 16 වන දින සවස් කාලයේ මන්නාරමට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, අනවසරයෙන් මෙරට මුහුදු සීමාව තුළ ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් දහඅට දෙනෙකු (18) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

17 Jan 2024

රුපියල් මිලියන 13 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය පුන්ගුඩුතිව් දූපතේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 ජනවාරි මස 15 වන දින දහවල් කාලයේ යාපනය, පුන්ගුඩුතිව් දූපතේ ඉරුප්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ ළදු කැළැවක සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් තිස් හතරක (34) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

16 Jan 2024

රුපියල් මිලියන 02 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය වන්කලවාඩි වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 ජනවාරි මස 14 වන දින සවස් කාලයේ යාපනය, වන්කලවාඩි වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ වළ දමා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් හයකට (06) අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

15 Jan 2024

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 ජනවාරි මස 14 වන දින සවස් කාලයේ යාපනය, පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු (10) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

15 Jan 2024

මත්පෙති 10600 තොගයක් සමඟ සැකකරුවන් 02 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 ජනවාරි මස 12 සහ 13 යන දිනයන්හීදී මිහින්තලේ සහ තලෙයිමන්නාරම, කට්ටුකාරයන්කුඩිඉරිප්පු යන ප්‍රදේශයන්හි සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් වලදි, මත්පෙති (Pregabalin Capsules) දසදහස් හයසියයක (10600) තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ යතුරු පැදියක් (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

14 Jan 2024

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 03 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 ජනවාරි මස 13 වන දින සවස් කාලයේ යාපනය, කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා තුනක් (03) සමඟ ඉන්දීය ධීවරයින් දෙළොස් දෙනෙකු (12) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

14 Jan 2024

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 16 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, නඩුකුඩා ප්‍රදේශයේ 2024 ජනවාරි මස 12 වන දින සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් වලංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දහසය දෙනෙකු (16) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් එක් දහස් දෙසිය අසූවක (1280) පමණ තොගයක් සහ කැබ් රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

13 Jan 2024

නීති විරෝධී ලෙස අල්ලන ලද බවට සැකකෙරෙන මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 05 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, නඩුකුඩා ප්‍රදේශයේ 2024 ජනවාරි මස 10 වන දින සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස අල්ලන ලද බවට සැකකෙරන මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු (05) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් දහසක (1000) පමණ තොගයක් කිමිදුම් උපකරණ, සහ කැබ් රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

11 Jan 2024