මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 2000 කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රා 03 ක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, උච්චමුනෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 ජනවාරි මස 08 වන දින රාත්‍රී කාලයේදී සිදු කල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කල මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් දෙදහස් තිස් දෙකක (2032) තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රා තුනක් (03) සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
09 Jan 2024
රුපියල් මිලියන 33 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය වල්ලිපුරම් වෙරළේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2024 ජනවාරි මස 08 වන දින උදෑසන යාපනය, වල්ලිපුරම් වෙරළ ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ ළඳු කැලෑවක සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් අසූ හතරකට (84) අධික තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
09 Jan 2024
මත්පෙති 526 ක තොගයක් සමඟ සැකකරුවෙක් තලෙයිමන්නාරම ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2024 ජනවාරි මස 06 වන දින රාත්‍රී කාලයේ තලෙයිමන්නාරම, අම්බාල්නගර් ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදි, මත්පෙති (Pregabalin Capsules) පන්සිය විසි හයක (526) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
07 Jan 2024
රුපියල් මිලියන 21 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් වෙත්තලකේනි කඩෙයිකාඩු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙත්තලකේනි කඩෙයිකාඩු වෙරළ ප්‍රදේශයේ 2024 ජනවාරි මස 05 වන දින සවස් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් පනස් තුනකට (53) අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
06 Jan 2024
අම්බලන්ගොඩ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අම්බලන්ගොඩ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 ජනවාරි මස 05 වන දින සිදුකල මුර සංචාරයකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් එකසීය දහඅටක (118) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
06 Jan 2024
ත්‍රීකුණාමලය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයන්හි ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් තවදුරටත් නාවික හමුදාව සහන සලසයි

අයහපත් කාළගුණික තත්වය හමුවේ ත්‍රීකුණාමලය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයන්හි ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා 2023 දෙසැම්බර් මස 31 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් එම ප්‍රදේශයන් වෙත අනුයුක්ත කෙරුණු අතර, අ.පො.ස උසස් පෙල විභාගය සඳහා පෙනී සිටින දරු දැරියන් ඇතුළු ගංවතුරෙන් පීඩාවටපත් මහජනතාවට අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් නාවික හමුදාව තවදුරටත් සිදුකරමින් සිටියි.
06 Jan 2024
රුපියල් මිලියන 3190 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 245 කට අධික තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් හික්කඩුවට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ අනෙකුත් බුද්ධි සේවාවන් ඒකාබද්ධව සිදුකල බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව, වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් යොදවා හික්කඩුවට බටහිර දෙසින් නාවික සැතපුම් 28 ක් පමණ (කිලෝමීටර් 50 ක් පමණ) දුරින් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන, අද දින (2024 ජනවාරි 05) උදෑසන ගාල්ල වරාය වෙත රැගෙනවිත් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව සිදුකල පරීක්‍ෂාවේදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සූක්‍ෂම ලෙස සඟවා මෙරටට රැගෙන ඒමට උත්සාහ කල රුපියල් මිලියන 3190 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 245 කට අධික තොගයක් (ඇසුරුම් බර සහිත) සමඟ එම බහුදින යාත්‍රාවේ සිටි සැකකරුවන් හය දෙනෙකු (06) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරුණි. අත්අඩංගුවට ගත් එම මත්ද්‍රව්‍ය තොගය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් අද දින උදෑසන ගාල්ල වරායේදී නිරීක්‍ෂණය කිරීම සිදුකෙරිණි.
05 Jan 2024
ත්‍රීකුණාමලය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයන්හි ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව අඛණ්ඩව සහන සලසයි

අයහපත් කාළගුණික තත්වය හමුවේ ත්‍රීකුණාමලය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයන්හි ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා 2023 දෙසැම්බර් මස 31 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් එම ප්‍රදේශයන් වෙත අනුයුක්ත කෙරුණු අතර, මේ වන විට එම සහන කණ්ඩායම් ගංවතුරෙන් පීඩාවටපත් මහජනතාවට අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් සිදුකරමින් සිටියි.
04 Jan 2024
ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය 2023 වසරේ සිදුකල මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු සිදුකල පුද්ගලයින් 343 ක් නීතියේ රැහැනට හසුකරදීමට සමත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය 2023 වසරේ සිදුකල මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය හා මත්පෙති ජාවාරම, අනවසර භාණ්ඩ ජාවාරම සහ මිනිස් ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු සිදුකල දේශීය හා විදේශීය පුද්ගලයින් 343 ක් සමඟ මත්ද්‍රව්‍ය විශාල තොගයක් නීතියේ රැහැනට හසුකරදීමට සමත් විය.
03 Jan 2024
ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව සහන සලසයි

අයහපත් කාළගුණික තත්වය හමුවේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා 2024 ජනාවරි 01 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් එම ප්‍රදේශය වෙත අනුයුක්ත කෙරුණු අතර, මේ වන විට එම සහන කණ්ඩායම් ගංවතුරෙන් පීඩාවටපත් මහජනතාවට අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් සිදුකරමින් සිටියි.
02 Jan 2024