මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 04 ක් මන්නාරම් මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම මුහුදු ප්‍රදේශයේ 2023 දෙසැම්බර් මස 16 වන දින අළුයම් කාලයේදී සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් වියළි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු (04) සමඟ වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් අටසිය අටකට (808) අධික තොගයක් සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
17 Dec 2023
මත්පෙති 2820 ක තොගයක් සමඟ සැකකරුවන් 02 ක් සිලාවතුර ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2023 දෙසැම්බර් මස 15 වන දින සිලාවතුර කල්ලාරු මාර්ග බාධකය අසල සහ අච්චානකුලම් ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදි, මත්පෙති (Pregabalin Capsules) දෙදහස් අටසිය විස්සක (2820) තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
16 Dec 2023
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව අඛණ්ඩව සහන සලසයි

අයහපත් කාළගුණික තත්වය හමුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය පරාක්‍රමපුර ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා 2023 දෙසැම්බර් මස 03 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් එම ප්‍රදේශය වෙත අනුයුක්ත කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර, අද දින (2023 දෙසැම්බර් 15) වන විටත් එම සහන කණ්ඩායම් ගංවතුරෙන් පීඩාවටපත් මහජනතාවට අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් සිදුකරමින් සිටියි.
16 Dec 2023
නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 17 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 දෙසැම්බර් මස 13 වන දින සිලාවතුර, මන්නාරම වංකාලේ, යාපනය කල්මුණේතුඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි සහ මීගමුව වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දහහත් දෙනෙකු (17) සමඟ ඩිංගි යාත්‍රා හයක් (06), මුහුදු කූඩැල්ලන් හත්සියය හතළිස් තුනක (743) පමණ ප්‍රමාණයක් සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
15 Dec 2023
උතුරු මැද පළාතේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදා සහන

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය පරාක්‍රමපුර ප්‍රදේශය වෙත 2023 දෙසැම්බර් මස 03 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් අනුයුක්ත කිරීමට කටයුතු කර ඇති අතර, මේ වන විට එම සහන කණ්ඩායම් එම ප්‍රදේශයේ මහජනතාවට අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් සිදුකරමින් සිටියි.
14 Dec 2023
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද දින (2023 දෙසැම්බර් 13) කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
14 Dec 2023
නැගෙනහිර මුහුදේදී රෝගී වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ත්‍රීකුණාමලය, ෆවුල් තුඩුවට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරිමට නාවික හමුදාව අද දින (2023 දෙසැම්බර් 13) කටයුතු කෙරිණි.
14 Dec 2023
නැගෙනහිර මුහුදේදී රෝගී වූ ඉන්දියානු නාවික හමුදා සාමාජිකයෙකු ප්‍රතිකාර සඳහා යොමු කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදා සහය

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Sahyadri’ නෞකාව ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ යාත්‍රා කරමින් සිටියදී හදිසියේ රෝගී වූ එම නෞකාවේ සිටි ජ්‍යේෂ්ඨ නාවිකයෙකු හදිසි ප්‍රථිකාර සඳහා යොමු කිරීමට එම නෞකාව මඟින් අද දින (2023 දෙසැම්බර් 13) ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන ආ අතර, එම ජ්‍යේෂ්ඨ නාවිකයා ප්‍රතිකාර සඳහා යොමු කිරිමට ශ්‍රී ලංකා නාවික හමුදා සහය ලබාදීමට කටයුතු කෙරිණි.
14 Dec 2023
නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 07 ක් සිලාවතුරේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින (2023 දෙසැම්බර් 13) අළුයම සිලාවතුර ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් හත් දෙනෙකු (07) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02), මුහුදු කූඩැල්ලන් අටසියය හැත්තෑ හතරක (874) පමණ ප්‍රමාණයක් සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
13 Dec 2023
නීතිවිරෝධී මත්පෙති තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම, ඕලුතුඩුවායි වෙරළ ප්‍රදේශයේ 2023 දෙසැම්බර් මස 11 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ සඟවා තිබූ නීති විරෝධී ලෙස රැගෙන එන ලද බවට සැකකෙරෙන Pregabalin වර්ගයේ මත්පෙති හය දහසක (6,000) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
13 Dec 2023