මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 නොවැම්බර් මස 08 සහ 09 දින මන්නාරම ඔලය්තොඩුවායි වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් දෙසීය එකොලහක (1211) පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

10 Nov 2025

නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල ඖෂධ පෙති, දියර සහ අලේපන තොගයක් සමඟ සැකකරුවන් 04ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ සහ කරුවලකුඩා වෙරළ ප්‍රදේශයේ 2025 නොවැම්බර් මස 06 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස ‍රට තුලට රැගෙන ඒමට උත්සහ කල ඖෂධ පෙති, දියර සහ ආලේපන විශාල තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ සැකකරුවන් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කෙරිණි.

10 Nov 2025

රුපියල් මිලියන 08ට අධික දළ වීථි වටිනාකමින් යුත් කංසා තොගයක් කල්පිටිය කලපුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය උච්චමුනෙයි කලපු ප්‍රදේශයේ 2025 නොවැම්බර් මස 04 දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කංසා කිලෝ තිස් අටක (38) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

05 Nov 2025

දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 04ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, 2025 නොවැම්බර් මස 02 වැනි දින සහ අද (2025 නොවැම්බර් 03) අළුයම් කාලයේ, වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන් සහ අනලතිව් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා හතරක් (04) සමඟ ඉන්දීය ධීවරයින් තිස්පස් දෙනෙකු (35) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

03 Nov 2025

රුපියල් මිලියන 23 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කංසා තොගයක් සමඟ සැකකරුවන් 04ක් පේදුරුතුඩුවේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ 2025 නොවැම්බර් මස 01 දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කංසා කිලෝ ග්‍රෑම් එකසිය පහක (105) පමණ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් (03) හා එක් සැකකාරියක් (01) සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

03 Nov 2025

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 335ට අධික තොගයක් රැගත් බහුදින යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06ක් බටහිර දිග ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව, ශ්‍රී ලංකාවට බටහිර දිග ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙණ උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් අද උදෑසන (2025 නොවැම්බර් 02) දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සිදුකල විශේෂඥ පරීක්‍ෂාවේදී, මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙණ උර තුල අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 250ක‍ට අධික තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 85කට අධික තොගයක් ඇති බවට තහවුරු වූ අතර, එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය සඳහා ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මැතිතුමා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී විය.

02 Nov 2025

රුපියල් මිලියන 41 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කංසා තොගයක් සමඟ සැකකරුවන් 02ක් උතුර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය ඩෙල්ෆ්ට් මුහුදු ප්‍රදේශයේ 2025 ඔක්තෝබර් මස 30 දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කංසා කිලෝ එකසිය අසූපහයි (185) ග්‍රෑම් හයසීයක (600) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ඩිංගි යාත්‍රාව (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

31 Oct 2025

ආපදාවට පත් කෙෂාන් පුතා 1 බහු දින ධීවර යාත්‍රාවේ ධීවරයින් 04ක් සිඳුරළ නෞකාවෙන් හම්බන්තොට වරාය වෙත රැගෙන එයි

හම්බන්තොට සිට නාවික සැතපුම් 354ක් පමණ (කිමි 655ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී, ආපදාවට පත් කෙෂාන් පුතා 1 බහු දින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සිව් දෙනෙකු (04), කොළඹ සමුද්‍රිය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් බේරාගැනීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව මඟින් හම්බන්තොට වරාය වෙත අද උදෑසන (2025 ඔක්තෝබර් 31) රැගෙන විත්, වැඩිදුර ප්‍රථිකාර සඳහා හම්බන්තො‍ට ‍මහ රෝහල වෙත ඇතුළත් කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

31 Oct 2025

නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ 793ක තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා පුත්තලම සුරාබදු විශේෂ ඒකකය එක්ව, 2025 ඔක්තෝබර් මස 28 වැනි දින කල්පිටිය ඉප්පන්තිව් දුපතේ සහ මීගමුව මාඔය කලපු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් හත්සිය අනූතුනක (793) පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

31 Oct 2025

නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 06 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 ඔක්තෝබර් මස 21 වැනි දින සිට 24 වැනි දින දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් හය දෙනෙකු (06) සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

30 Oct 2025