මෙහෙයුම් පුවත්
ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ ඇති වූ හදිසි ගින්නක් නාවික හමුදා සහයෙන් සාර්ථකව මැඩපවත්වයි
ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ, භාවිතයට නොගන්නා ධීවර යාත්‍රා තබා ඇති අංගනයේ තිබූ යාත්‍රාවක (01) ඇති වූ හදිසි ගින්නක් මැඩපවත්වා, එම ගින්න පැතිරීම වැලක්වීමට දකුණු නාවික විධානයට අයත් ගිණි නිවීමේ කණ්ඩායමක සහය ලබාදීමට අද (2025 අගෝස්තු 10) නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
10 Aug 2025
දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 අගෝස්තු මස 09 වැනි දින දිවා කාලයේ මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු (07) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
10 Aug 2025
රුපියල් මිලියන 06 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් සමඟ සැකකරුවන් 02ක් අනුරාධපුරදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා එක්ව අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණය අසල ප්‍රදේශයේ 2025 අගෝස්තු මස 04 වැනි දින සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ කංසා කිලෝ විසිනවයයි (29) ග්‍රෑම් නවසිය එකක (901) තොගයක් රැගත් මෝටර් රථයක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නීතියේ රැහැනට හසුකරදීමට කටයුතු කෙරිණි.
07 Aug 2025
දේශීය ජල තීරය තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 අගෝස්තු මස 05 වැනි දින රාත්‍රී කාලයේ කල්පිටිය, බත්තලන්ගුන්ඩුව දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු (10) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
06 Aug 2025
රුපියල් මිලියන 23කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් යාපනය කඩෙයිකාඩුහීදි නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය කඩෙයිකාඩු අලියාවේලි කලපුව අසල ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන විසිතුනකට (23) අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා කිලෝ එකසිය දෙකයි (102) ග්‍රෑම් තුන්සිය පනහක (350) පමණ තොගයක් (තෙත බර සහිත) 2025 අගෝස්තු මස 04 වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
05 Aug 2025
දේශීය ජල තීරය තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 අගෝස්තු මස 03 වැනි දින රාත්‍රී කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
04 Aug 2025
නීති විරෝධී ධීවර ක්‍රම මැඩලීමේ නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 23 ක් සමඟ ආම්පන්න නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව පසුගිය දෙසතිය තුල (2025 ජුලි 23 සිට ජුලි 31 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය, කිමිදුම් උපකරණ සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයන් විසි දෙදෙනෙකු (22) සමඟ ඩිංගි යාත්‍රා පහක් (05) සහ පොලීසිය හා එක්ව සිදුකළ මෙහෙයුමකදී, අලෙවි කිරීමට සූදානම් කළ තහනම් ධීවර දැල් දෙසිය දහයක් (210) සමඟ එක් සැකකරුවෙක් (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
01 Aug 2025
නාවික හමුදා මෙහෙයුමකින් නීති විරෝධීව රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව ධීවර වරාය ආශ්‍රිතව 2025 ජුලි මස 29 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් පන්සිය අසුතුනක (583) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
01 Aug 2025
රුපියල් මිලියන 20කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කංසා තොගයක් සිලාවතුර අරිප්පු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, සිලාවතුර අරිප්පු ප්‍රදේශයේ, 2025 ජුලි මස 29 වැනි දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන 20කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කංසා කිලෝ එකසිය එකයි (101) ග්‍රෑම් හයසියයක (600) පමණ තොගයක් (තෙත බර සහිතව) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
31 Jul 2025
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1285කට අධික තොගයක් සහ වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් 604කට අධික තොගයක් මීගමුවේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව කුට්ටිදූව සහ කුඩාපාඩුව වෙරළ ප්‍රදේශයන්හී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ, බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් දෙසිය අසූපහකට (1285) අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රා දෙකක් (02), වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් හයසිය හතරකට (604) අධික තොගයක් සහ ඖෂධ බහලුම් පෙට්ටියක් (01), 2025 ජුලි මස 29 වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
30 Jul 2025


