මෙහෙයුම් පුවත්

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 07 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 ජුනි මස 06 වන දින දිවා කාලයේ දී සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් වලංගු ධීවර බලපත්‍ර නොමැතිව නීති විරෝධී කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් හත් දෙනෙකු (07) සහ ඩිංගි යාත්‍රාවක් (01), කිමිදුම් උපකරණ හා නීති විරෝධී ධීවර ආම්පන්න සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

07 Jun 2023

ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාවට නාවික හමුදාවෙන් අඛණ්ඩව සහන සැලසීමේ මෙහෙයුම්

අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ඇතිවී ඇති ජල ගැලීම් තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් පහක් (05) කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, බදුරලිය, ලත්පඳුර හා වළල්ලාවිට යන ප්‍රදේශ වෙතත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රදේශය වෙතත් අනුයුක්ත කිරීමට නාවික හමුදාව කටයුතු කල අතර, අද දින උදෑසන (2023 ජුනි 06) එම ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව කටයුතු කෙරිණි.

06 Jun 2023

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදාව සහන සලසයි

අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාතේ ප්‍රදේශ කිහිපයක ඇතිවී ඇති ජල ගැලීම් තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් හතරක් (04) බුලත්සිංහල, බදුරලිය, ලත්පඳුර සහ කලවාන යන ප්‍රදේශයන් වෙත 2023 ජුනි මස 04 වන දින සිට අනුයුක්ත කිරීමට නාවික හමුදාව කටයුතු කල අතර, මේ වන විට එම සහන කණ්ඩායම් මහජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් සිදුකරනු ලබයි.

05 Jun 2023

කේරළ ගංජා සමඟ සැකකරුවෙක් ත්‍රිකුණාමලය මොල්ලිපොතානේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව ත්‍රිකුණාමලය, මොල්ලිපොතාන ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ ග්‍රෑමයකට (01) අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) 2023 ජුනි මස 01 වන දින නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

02 Jun 2023

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 25 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය මාමුනෙයි සහ චුන්ඩිකුලම් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද දින (2023 ජුනි 01) අළුයම් කාලයේ දී සිදු කල විශේෂ මෙහෙයුම් මඟින් රාත්‍රී කාලයේ නීති විරෝධී කිමිදුම් කටයුතු සිදු කරමින් සහ නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් විසිපස් දෙනෙකු (25), මුහුදු කූඩැල්ලන් එක්දහස් හැට අටක (1068) ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රා හතක් (07) සහ කිමිදුම් උපකරණ හා නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

02 Jun 2023

විදේශීය දුම්වැටි 2000 ක් සමඟ සැකකරුවෙක් කොළඹ දී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව කොළඹ 11 මල්වත්ත පාර ප්‍රදේශයේ 2023 මැයි මස 31 වන දින රාත්‍රියේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා විදේශීය දුම්වැටි දෙදහසක් (2000) රැගෙන යමින් සිටි පුද්ගලයෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

01 Jun 2023

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 09 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙත්තලකේනි චුණ්ඩිකුලම්, චලෛයි සහ නගර්කෝවිල් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන් හී අද දින (2023 මැයි 30) අළුයම් කාලයේ දී සිදු කල විශේෂ මෙහෙයුම් මඟින් නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන්, බලපත්‍ර රහිතව සහ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් නව දෙනෙකු (09) සමඟ ඩිංගි යාත්‍රා පහක් (05) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

31 May 2023

නැගෙනහිර මුහුදේදී රෝගී වූ විදේශ ජාතිකයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ත්‍රීකුණාමලය ෆවුල් තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ NERU XINRUI නැමැති ඉන්දීය වෙළඳ නෞකාවේ සිටි විදේශීය ජාතිකයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරිමට නාවික හමුදාව අද දින (2023 මැයි 28) කටයුතු කරන ලදී.

29 May 2023

දකුණු මුහුදේදී රෝගී වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ගාල්ලේ සිට නාවික සැතපුම් 460 ක් පමණ (කිලෝ මීටර් 851 ක් පමණ) ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරිමට නාවික හමුදාව අද දින (2023 මැයි 26) කටයුතු කරන ලදී.

26 May 2023

විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 08 ක් නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුල්මුඩේ අරිසිමලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද දින (2023 මැයි 25) අළුයම් කාලයේ දී සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් සහ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් අට දෙනෙකු (08) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

26 May 2023