මෙහෙයුම් පුවත්
විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 06 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය චුන්ඩිකුලම් සහ චලෙයි යන ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද දින (2023 මැයි 24) අළුයම් කාලයේදී සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හය දෙනෙකු (06) සමඟ ඩිංගි යාත්‍රා හයක් (06) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
24 May 2023
ගැඹුරු මුහුදේ ආපදාවට පත් චීන ධීවර යාත්‍රාව සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දායක වෙයි

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ඕස්ට්‍රේලියානු සෙවීම් සහ මුදවා ගැනීම් කලාපයට අයත් ගැඹුරු මුහුදේදී 2023 මැයි මස 16 වන දින පෙරලීයාමෙන් ආපදාවට පත් ‘LU PENG YUAN YU 028’ නමැති චීන ධීවර යාත්‍රාව සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා දායකවීමට නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත්, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව, නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් ද සමඟ ආපදාවට පත් චීන ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත පිටත් කර හැරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
23 May 2023
විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 16 ක් නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මුලතිව් නයාරු හා අලම්පිල් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි සහ පුල්‍මුඩේ කෝකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ කෝකිලායි කලපු ප්‍රදේශයේ 2023 මැයි මස 22 වන දින අළුයම් කාලයේ දී සිදු කල විශේෂ මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන්, වලංගු බලපත්‍ර රහිතව සහ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දහසය දෙනෙකු (16) සමඟ ඩිංගි යාත්‍රා හතක් (07) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
23 May 2023
ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදා දායකත්වය

ගිංතොට ප්‍රදේශයෙන් මුහුදට ගලා බසින ගිං ගඟෙහි වක්වැල්ල ප්‍රදේශයේ ඇති පටු පාලම තුල අධික වර්ෂාවත් සමඟ ගසාගෙන එනු ලබන අපද්‍රව්‍ය සිරවී සිදුවන අවහිරතා ඉවත් කිරීම සඳහා නාවික හමුදාව නිරන්තර දායකත්වය සපයන අතර, එලෙස සිදුකල තවත් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් 2023 මැයි මස 19 සහ 22 යන දිනයන්හි ක්‍රියාත්මක කෙරිණි.
23 May 2023
වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකාරියක් ත්‍රිකුණාමලයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව කුච්චවේලී පොලීසිය හා එක්ව ත්‍රිකුණාමලය, කුච්චවේලී කසීම්නගර් ප්‍රදේශයේ අද දින (2023 මැයි 22) දිවා කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු නිවසක් පරීක්ෂා කිරීමේදී එහි සූක්ෂම ලෙස සඟවා තිබූ වෝටර් ජෙල් (Water Gel) නැමති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු පනස් හතරක් (54) සහ විදුලි නොවන ඩෙටනේටර් පනහක් (50) සමඟ සැකකාරියක් (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
23 May 2023
කැස්බෑ මස් තොගයක් සමඟ සැකකරුවන් 02 ක් සිලාවතුරේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද දින (2023 මැයි 22) මන්නාරම සිලාවතුර අරිප්පු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ජීවී කැස්බෑවන් දෙදෙනෙකු (02) ඇතුළුව කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
22 May 2023
වියළි මුහුදු කූඩැල්ලන් ඇතුළු භාණ්ඩ තොගයක් සමඟ සැකකරුවන් 02 ක් කල්පිටියේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව 2023 මැයි 19 වන දින කල්පිටිය රොඩ්ඩපාඩු වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නිවසක් තුළ සඟවා තිබූ වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 603 ක් සහ ෂැම්පු පැකට් (මිලි 6) 11520 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
20 May 2023
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන එමින් සිටි වියළි මුහුදු කූඩැල්ලන් ඇතුළු භාණ්ඩ තොගයක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය, සින්නඅරිච්චාලයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 මැයි මස 18 වන දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන එමින් සිටි වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 193 ක් (තෙත බර සහිත) සහ තවත් භාණ්ඩ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
19 May 2023
රුපියල් මිලියන 2800 ක පමණ දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 121 ක පමණ තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06 ක් දකුණු මුහුදේදී නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගනියි

රාජ්‍ය බුද්ධි සේවාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකල ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරක් පදනම් කර ගනිමින්, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 413 ක් පමණ (කිලෝමීටර් 764 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, රුපියල් මිලියන 2310 ක පමණ දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 111 ග්‍රෑම් 606 ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිත) සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 10 ග්‍රෑම් 254 ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිත) රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙක් (06) 2023 මැයි මස 13 වන දින, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. එම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අද දින (2023 මැයි 18) උදෑසන කොළඹ වරාය වෙත රැගෙන එන ලද අතර, එම මත්ද්‍රව්‍ය තොගය පරික්‍ෂා කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගි විය.
19 May 2023
ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදාව සහන සලසයි

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා දකුණු පළාතේ ගාල්ල, අකුරැස්ස, කොටපොල, නාගොඩ, තවලම, කඹුරුපිටිය සහ අතුරලිය යන ප්‍රදේශයන් වෙත 2023 මැයි මස 14 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් අනුයුක්ත කිරීමට නාවික හමුදාව කටයුතු කල අතර, මේ වන විට එම සහන කණ්ඩායම් මහජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් සිදුකරනු ලබයි.
15 May 2023