මෙහෙයුම් පුවත්
නීති විරෝධී ධීවර මැඩපැවැත්වීමේ නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 45 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ යාපනය විශේෂ කාර්ය බලකාය හා එක්ව, පසුගිය දෙසතිය තුල (2025 සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 07 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් හා පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ, බලපත්‍ර නොමැතිව ධීවර කටයුතු සිදුකළ සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් හතලිස් පස් දෙනෙකු (45) සමඟ ඩිංගි යාත්‍රා එකොලහක් (11) කැනොයි ඔරු දෙකක් (02) සහ කැබ් රථයක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
13 Oct 2025
දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 05 නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 ඔක්තෝබර් මස 08 වැනි දින සහ අද (2025 ඔක්තෝබර් 09) අළුයම් කාලයේ, මන්නාරම උතුර සහ යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා පහක් (05) සමඟ ඉන්දීය ධීවරයින් හතලිස් හත් දෙනෙකු (47) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
09 Oct 2025
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ පක්‍ෂීන් 150ක් සමඟ සැකකරුවන් 02ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 ඔක්තෝබර් මස 07 වැනි දින කල්පිටිය කිඹුල්බොක්ක කලපු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස විදේශයකින් මෙරටට රැගෙන ආ පක්‍ෂීන් එකසියපනහක් (150) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
08 Oct 2025
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් 02ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 ඔක්තෝබර් මස 07 වැනි දින කල්පිටිය නගර සීමාවේ, ඒ 7 මාර්ගයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසිය හතලිස් තුනක (643) පමණ තොගයක් රැගත් කැබ් රථයක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
08 Oct 2025
නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල ඖෂධ පෙති 56,870 ක තොගයක් සමඟ සැකකරුවෙක් මන්නාරමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, කීරි වෙරළ ප්‍රදේශයේ 2025 ඔක්තෝබර් මස 06 වැනි දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල ඖෂධ පෙති පනස් හයදහස් අටසිය හැත්තැවක (56,870) තොගයක් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය හා කුළුබඩු තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවෙක් (01) නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කෙරිණි.
06 Oct 2025
නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ රත්‍රං කිලෝ 4 යි ග්‍රෑම් 454 ක පමණ තොගයක් සහ සැකකරුවන් 02ක් කල්පිටිය කලපුවේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 ඔක්තෝබර් මස 01 වැනි දින උදෑසන කල්පිටිය කලපුවේ අරිච්චල් මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස රත්‍රං කිලෝ හතරයි (04) ග්‍රෑම් හාරසිය පනස් හතරක (454) පමණ තොගයක් සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
01 Oct 2025
විදේශීය දුම්වැටි 1618 ක් සමඟ සැකකරුවෙක් කොළඹ වේල්ලවීදියේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2025 සැප්තැම්බර් මස 30 වැනි දින කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ වෙළඳසැලක අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබු විදේශීය දුම්වැටි එක්දහස් හයසිය දහඅටක (1618) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට අසුකර ගැනීමට කටයුතු කෙරිණි.
01 Oct 2025
තහනම් ධීවර දැල් 857ක් සමඟ සැකකරුවන් 02ක් යාපනයේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව යාපනය ප්‍රදේශයේ 2025 සැප්තැම්බර් මස 29 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීමට සුදානම් කර තිබූ තහනම් ධීවර දැල් අටසිය පනස් හතක් (857) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
30 Sep 2025
නීති විරෝධී ධීවර ක්‍රම මැඩලීමේ නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 36 ක් සමඟ ආම්පන්න නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව, පසුගිය දෙසතිය තුල (2025 සැප්තැම්බර් 16 සිට 25 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් හා පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ, රාත්‍රී කාලයේ නීති විරෝධි ලෙස කිමිදුම් කටයුතු සිදුකරමින් ධීවර කටයුතු සිදුකළ, බලපත්‍ර නොමැතිව ධීවර කටයුතු සිදුකළ සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් තිස්හය දෙනෙකු (36) සමඟ ඩිංගි යාත්‍රා දහතුනක් (13) සහ කැනොයි ඔරු දෙකක් (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
29 Sep 2025
දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව 2025 සැප්තැම්බර් මස 28 වැනි දින අළුයම් කාලයේ,යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දොළොස් දෙනෙකු (12) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
28 Sep 2025


