මෙහෙයුම් පුවත්
වත්තල හුණුපිටිය ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාවේ සහාය

වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පිහිටි අබලි යකඩ එක් රැස් කරනු ලබන මධ්‍යස්ථානයක ඇතිවූ හදිසි ගින්නක් නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමක සහයෙන් නිවාදමා එම ගින්න අවට ප්‍රදේශයට පැතිරීම වැළැක්වීමට නාවික හමුදාව අද (2022 ජුලි 16) පස්වරුවේ කටයුතු කරන ලදි.
17 Jul 2022
රුපියල් මිලියන 19 කට අධික වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, මණ්ඩතිව් දූපතේ, සම්පකුලම් වෙරළ තීරය, කල්මුණේ තුඩුව වෙරළ තීරය සහ කයිට්ස් අල්ලප්පිඩ්ඩි වෙරළ තීරය ආශ්‍රිතව 2022 ජුලි මස 14 සහ අද (2022 ජුලි 15) සිදුකළ පාමුර සංචාර සහ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 65 කට (තෙත බර සහිතව) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
15 Jul 2022
නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර ජීවිත අවදානමට ලක්ව සිටි 55 ක් ගැඹුරු මුහුදේදී නාවික හමුදාව මඟින් බේරාගැනේ

හම්බන්තොට සිට නාවික සැතපුම් 390 ක් පමණ (කිලෝමීටර් 722 ක් පමණ) ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ ගැඹුරු මුහුදේදී සුළි කුණාටුවකට හසුවී ආපදාවට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක ජීවිත අවදානමට ලක්ව සිටි නීති විරෝධී ලෙස මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කල බවට සැකකෙරෙන පුද්ගලයන් 55 ක් 2022 ජූලි මස 10 වන දින නිරුපද්‍රිතව මුදවාගැනීමට නාවික හමුදාව කටයුතු කල අතර, එම පිරිස අද (2022 ජුලි 12) උදෑසන හම්බන්තොට වරාය වෙත රැගෙන එන ලදි.
12 Jul 2022
උතුරු මුහුදේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2022 ජුලි මස 11 වන දින සවස් කාලයේ උතුරු මුහුදේ ක්‍රියාත්මක කළ අතර, එහිදී කෝවිලන් ප්‍රදීපාගාරයට නුදුරු මුහුදේ අනවසර ධිවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ එහි සිටි ඉන්දීය ධීවරයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
12 Jul 2022
ගැඹුරු මුහුදේදී ආපදාවට පත් ධීවරයින් පිරිසක් කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සහයෙන් මුදවාගැනේ

මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 174 ක් පමණ (කිලෝමීටර් 322 ක් පමණ) ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ ගැඹුරු මුහුදේදී ආපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක ජීවිත අවදානමට ලක්ව සිටි ධීවරයන් තිදෙනෙකු නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, නිරුපද්‍රිතව මුදවා ගැනීමට අද (2022 ජුලි 11) කටයුතු කෙරිණි.
12 Jul 2022
රුපියල් මිලියන 67 කට අධික වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, තේවම්පිඩ්ඩි වෙරළ තීරයේ සහ වැලිපර ආශ්‍රිතව අද (2022 ජුලි 11) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 225 කට අධික තොගයක් සහ සැකකරුවෙක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
12 Jul 2022
නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ 78 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව මඩකලපුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ මඩකලපුව කළුවන්කේනි වෙරළ ප්‍රදේශයේ 2022 ජුලි මස 10 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 78 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
11 Jul 2022
රුපියල් මිලියන 33 ක පමණ දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම වැලිපර ආශ්‍රිතව සහ ඌරුමලේ වෙරළ තීරයේ අද (2022 ජුලි 10) සහ 2022 ජුලි මස 09 වන දින සිදුකළ මුර සංචාරයන්හීදී කේරළ ගංජා කිලෝ 113 ග්‍රෑම් 280 ක පමණ තොගයක් (තෙත බර සහිතව) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
11 Jul 2022
නීති විරෝධීව මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 67 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්මුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ නැගෙනහිර මුහුදේ අද (2022 ජුලි 08) අළුයම සිදුකළ මුර සංචාරයකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 67 දෙනෙකු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
08 Jul 2022
අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 07 ක් ජාවාරම්කරුවන් 02 ක් සමඟ තලෙයිමන්නාරම් මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2022 ජුලි මස 06 වන දින රාත්‍රියේ සිදුකළ මුර සංචාරයකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 07 ක් සමග ජාවාරම්කරුවන් 02 ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
07 Jul 2022