මෙහෙයුම් පුවත්
අරාබි මුහුදේදී ආපදාවට පත් ධීවරයින් පිරිසක් කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සහයෙන් මුදවාගැනේ

නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, අරාබි මුහුදේදී කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත්වූ ශ්‍රී ලංකාවට අයත් බහුදින ධීවර යාත්‍රාවක සිටි පස් දෙනෙකු (05) එම්ටී අල්ටෙයාර් (MT-ALTAIR ) නෞකාව මඟින් නිරුපද්‍රිතව මුදවාගැනීමට 2022 ජුනි මස 20 වන දින කටයුතු කර ඇත.
22 Jun 2022
රුපියල් මිලියන 120 කට ආසන්න විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව උඩප්පුව පෙරියපාඩු වෙරළ තීරයේ අද (2022 ජුනි මස 19 වන දින) අළුයම සිදුකළ පා මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 543 (තෙත බර සහිතව) ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
19 Jun 2022
නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් සිලාවතුරේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2022 ජුනි මස 16 වන දින රාත්‍රියේදී සිලාවතුර කොන්ඩච්චිකුඩා වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ පා මුර සංචාරයකදී නීතී විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි නිශ්පාදනයට යොදා ගන්නා කොළ (Kendu Leaves) කිලෝග්‍රෑම් 490 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
17 Jun 2022
නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ 64 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ අද (2022 ජුනි මස 15) අලුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 64 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
15 Jun 2022
අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 38 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව ශ්‍රී ලංකාවට ගිනිකොන මුහුදු ප්‍රදේශයේ 2022 ජුනි මස 11 වන දින සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 38 දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
12 Jun 2022
නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ 91 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව මාරවිල ප්‍රදේශයේ සහ බටහිර මුහුදු ප්‍රදේශයේ 2022 ජුනි මස 07 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 91 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
08 Jun 2022
රුපියල් මිලියන 105කට අධික විථි වටිනාකමින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතීයේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කිලිනොච්ච් ප්‍රදේශයේ සහ කයිට්ස්, අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයේ 2022 ජුනි මස 03 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝ 350 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ මෝටර් රථයක් නීතීයේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
04 Jun 2022
නාවික හමුදා සහන කණ්ඩායම් විසින් අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට තවදුරටත් සහන සලසයි

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාතේ ගංවතුර අවධානම සහිත ප්‍රදේශයන්හී ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අද උදෑසන (2022 ජුනි 01) වන විට නාවික හමුදා සහන කණ්ඩායම් 13ක් යොමු කළ අතර, එම සහන කණ්ඩායම් තවදුරටත් සහන සැලසීමේ කටයුතු සිදු කරනු ලබයි.
02 Jun 2022
අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් 13ක්

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාතේ ගංවතුර අවධානම සහිත ප්‍රදේශ වෙත නාවික හමුදා සහන කණ්ඩායම් 13ක් ස්ථානගත කිරීමට අද උදෑසන (2022 ජුනි 01) වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
01 Jun 2022
අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

පවත්නා අයහපත් කාළගුණික තත්වය හමුවේ දිවයිනේ ප්‍රදේශ කීහිපයකට බලපා ඇති ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා සබරගමුව සහ දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක් වෙත නාවික හමුදා සහන කණ්ඩායම් 06ක් ස්ථානගත කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද උදෑසන (2022 මැයි 31) වන විට කටයුතු කෙරිණි.
31 May 2022